Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, සමන්දා විජේමාන්න මිය, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 02.00 සීල භාවනා සමිතිය, 2.00 – 03.00 වෛද්‍ය දේශනය විශේෂඥ වෛද්‍ය රජීව පීරිස් මහතා, 3.00 – 4.00 පස්වරු ධර්මදේශනාව නීලම්මහර චතුර ශාන්ත හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව ඇතිමලේ ශීලානන්ද හිමි.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් කළුතර බෝධි පරිශ්‍රයේ දී පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පුජාව මෙහෙයවීම, 7.30 – 9.45 ධර්ම දේශනාව ගම්පහ සිරි සීවලි හිමි, 10.00 – 11.30 ධර්මදේශනාව දොරපනේ රතනසාර හිමි, පස්වරු 1.00 – 2.45 ධර්මදේශනාව, උණවටුනේ වංශානන්ද හිමි, 3.00 – 04.15 ධර්මදේශනාව මිරිස්සේ ධම්මික හිමි, 04.45 – 06.00 ධර්මදේශනාව ලේනව මංගල හිමි,

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පුජාව හවායි වියට්නාම් බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව රත්තනදෙනියේ වජිරසාර හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කොළොන්නාවේ කල්‍යාණ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය ආචාර්ය නාලක හේවාමද්දුම මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව කරපුටුගල රේවත හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පෙරවරු 7.00 – 7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 8.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව, 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති දොරොව්වේ ඤාණරතන නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති මහඔය අනුරුද්ධ හිමි, 5.00 – 6.00 දහම් දෙසුම ශාස්ත්‍රපති නිග්ගහ ඤාණින්ද හිමි, රාත්‍රී 7.00 – 8.00 අටවිසි බුද්ධ වන්දනාව. ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ ධර්මදේශනා ඇසුරින් රචිත ධර්ම ග්‍රන්ථයක් මෙදින උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.

****

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ බක් පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පොහෝදා පෙරවරු 08.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. බක් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී පහළතලාවේ සුමනසිරි හිමියෝ සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව කථිකාචාර්ය කරපික්කඩ සෝභිත හිමි, 9.00 ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, වෛද්‍ය චමින්ද වීර සිරිවර්ධන, 10.30 බුද්ධ පුජාව, දහවල් 12.00 ජාතක කතා දේශනාව, පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හා තුළනාත්මක අධ්‍යයන අංශයේ ජෙෂ්ඨ කථිකාචාර්ය බෝදාගම සුමන හිමි. පස්වරු 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, සහභාගිත්වය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත විමල තිස්ස හිමි, සම්පත් රුවන් බණ්ඩාර මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, මෙහෙයවීම, කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.

****

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු. 6.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 8.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, 8.30 – 9.30 ධර්මානුශාසනාව, ගෞරව ශාස්ත්‍රවේදී කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, 9.30 – 11.00 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී, බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත්, සිරි වජිරාරාමාධිකාරි හා සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00 – 04.00 ධර්මානුශාසනාව කොළොන්නාව එදිරිසිංහාරාමාධිපති රාජකීය පණ්ඩිත කටුවන්ගොඩ ධම්මසිද්ධි හිමි, 04.00 – 05.00 ගිහි දේශනය, ශාස්ත්‍රවේදී ආචාර්ය ෂේන් බ්ලොක් මහතා, 05.00 – 06.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී අලංකාරේ ධම්ම සමුද්ධ හිමි, 06.00 – 06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා

****

බොරැල්ලේ ඓතිහාසික ශ්‍රී ගෝතමී පුරාණ විහාරස්ථානය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේ බක් පුර පොහෝ දා සීල සමාදාන පින්කම විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

පෝදා පෙරවරු 6.30 ශීල සමාදානය සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 08.15 භාවනාව මෙහෙයවීම පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම, දායකත්වය හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්මදේශනාව බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමවාසී රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව පෙරවරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම අමාත්‍යාංශ හිටපු ලේකම් සීතා රාජපක්ෂ මහත්මිය, 1.30 ධර්මදේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන් ද හිමි, 3.00 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුතවෙළ සීවලී හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව, පින්කන්දේ සිරිධම්ම හිමි, 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය.

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි බක් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

කතරගම කිරි වෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පෝදා පින්කම් රැසක් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙදින උදෑසන මල්පහන්, ගිලන්පස, කිරිආහාර පුජාවක්ද ශබ්ද පුජා මධ්‍යයේ ෂඩ්වර්ණ සාඨකයක් වැඩමකර කිරිවෙහෙර චෛත්‍යයට පැළඳවීමේ කංචුක පුජාවක් ද පැවැත්වේ. උදේ ධර්මදේශනාව කළුතර (දකුණ) සිරිනිවාසාරාම මහා විහාරවාසී ශාස්ත්‍රවේදී ගැටඅරලුවේ විපුලධම්ම හිමියන් විසින් විහාරස්ථ ධර්මශාලාවේ පවත්වනු ලබන අතර භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ දී පැවැත්වේ.

පස්වරු පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සල ද එම ස්ථානයේ පැවැත්වේ. සවස මහාසේන සිල්සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර මළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙත පැමිණ මල් පහන් ගිලන්පස, අටපිරිකර, පුජාකර බෝධි පූජාව පැවැත්වීම, අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ.

සවස ධර්මදේශනාව කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී පැවැත්වෙන අතර පහන් 5000 ක ආලෝක පුජාව කිරිවෙහෙර තුන්වන මළු සමීපයේ දී පැවැත්වේ. රාත්‍රී ඔසුපැන් දන්සල කතරගම සමථ මණ්ඩලය විසින් පවත්වනු ලැබේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරණාතිලක, කතරගම බෞද්ධ සංගමය, මහාසේන, සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මැණික්බෝවේ දීපාලෝක හිමි,8.00 – 9.00 භාවනාව රාකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව බෙල්ලන්විල රජමහා විහාරවාසී ආචාර්ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව මාඑළියේ රතන හිමි වරකාපොලේ දේවසිරි හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි, ඇරැව්වල සමිත හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.45 – 02.45 ධර්ම දේශනාව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරවාසී රාජකීය පණ්ඩිත දර්ශනපති උස්ගොඩ ධම්මගරු හිමි, 02.45 – 03.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව වජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත කඹුරුගමුවේ මහානාග හිමි, 5.00 – 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි.

****

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී පොහෝදා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන්, දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දහවල්, සම්බුද්ධ පුජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා විසින් 1.00 - 2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 -3.15 දහම් දෙසුම ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරි මහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය, ශාස්ත්‍රපති බුලනවැවේ වජිරබුද්ධි හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 ධර්මදේශනය, (පටිගත කරන ලද දේශනයක්)

****

මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 6.45 – 7.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පුජාව හා කෙටි අනුශාසනාව මහනුවර, අස්ගිරි මහා විහාරීය පිරිවෙන් විහාරවාසී ස්වාමීන් වහන්සේ, 8.30 – 9.30 ධර්මානුශාසනාව කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපු විහාරාධිපති නාලන්දේ පවර හිමි, 9.30 – 10.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව නාලන්දේ පවර හිමි, 10.30 – 11.30 දවල් බුද්ධ පූජාව මහනුවර අස්ගිරි මහා විහාරීය පිරිවෙනේ ස්වාමීන් වහන්සේ, පස්වරු 12.30 – 01.30 ධර්මානුශාසනාව සහ සාකච්ඡාව, මාවිල්මඩ ධර්මදුත මධ්‍යස්ථානාධිපති, දොරගමුවේ රතනසාර හිමි, 01.30 – 02.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව මහනුවර, වට්ටාරන්තැන්න, සමාධි සංස්කෘතිකකේන්ද්‍ර විහාරවාසී, රාජකීය පණ්ඩිත අත්තරගම කුසල හිමි. 3.00 – 04.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය කටුගස්තොට ගොහාගොඩ ශ්‍රී සුදර්ශනාරාමවාසී ශාස්ත්‍රවේදී නාපානේ ධම්මානන්ද හිමි.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ‘රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දහම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුරපොහෝ දින වැඩසටහන සිදු කරනු ලැබේ.

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර 6.30 – 7.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාරණතන නාහිමි, 8.30 – 9.00 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 9.00 – 9.30 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 10.00 – 10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.30 – 3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි. 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 4.00 – 5.00 මහා සමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා. 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 – 7.30 අටවිසි ගිලන්පස බෝධිපූජාව සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිපති, දම්පහළ ඤාණරතන නාහිමි, බුදුසරණ පුවත්පත, ධර්ම දානය පිණිස බෙදා දීමේ පින්කමේ දායකත්වය, ඔක්කම්පිටිය, බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

****

සේදවත්ත ශ්‍රී නවලෝක විහාරයේ පින්කම්

වැල්ලම්පිටිය සේදවත්ත නවලෝකපුර ශ්‍රී නවලෝක විහාරයේ දී විහාරාධිපති පන්නල ඤාණාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි බක් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. එදින ස්වර්ණවාහිනී අමාදහර සජීවී විකාශය එම විහාරස්ථානයේ සිට පැවැත්වේ.

පෙරවරු 6.00 – 7.00 අටසිල් සමාදානය හා බුද්ධ වන්දනාව, හේනේපොල සුමනජෝති හිමි, කනවරැල්ලේ සුබෝධි හිමි, 7.00 – 8.00 ළමා සිතට අමාදහර බමුණුගම සමිත හිමි, 8.00 – 9.00 ධර්ම දේශනය පිටිදූවේ සිරිධම්ම හිමි, 9.00 – 9.30 භාවනා වැඩසටහන කොළඹගම මියුගුණ විහාරාධිකාරී, ගල්ලැහැපිටියේ පේමරතන හිමි, 9.30 – 11.30 අමාදහර දහම් සභාව, දොඩම්පහළ රාහුල හිමි, අත්තනායක එම්. හේරත් මහතා හරීන්ද්‍ර ජයලාල් මහතා, පස්වරු 1.00 – 2.00 අමාදහර යුගාසන කවිබණ පන්නල ඤාණාලෝක හිමි, මහබුලන්කුලමේ ගුණරතන හිමි, 2.00 වැඩසටහන නිමාව.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි බක් පුන් පොහෝ දින අලුයම 05.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පුජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ගැමුණුපුර සෝමවංශ හිමි, 9.30 – 10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධයාරාමවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි. 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විනීත හිමි 2.15 – 3.00 ධම්ම පදය 3.00 – 5.00 පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී මෙත්තාවංශ හිමියන් විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහන සවස 6.00 මල් පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

****

බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී බුදුසරණ පුවත්පතේ පිටපත් 5000ක් බෙදාදීමේ ධර්ම දානමය පින්කමක් වෙසක් පෝදා

වෙසක් පසළොස්වක පොහෝ දිනයේ දී සිල් සමාදන්වන 5000ක් උවසු උවැසියන් වෙත බුදුසරණ පුවත්පතේ පිටපත් පන්දාහක් (5000) බෙදාදීමට බිංගිරිය ලේක්හවුස් අලෙවි නියෝජිත මිල්ටන් දොඩන්ගොඩ ආරච්චි මහතා කටයුතු යොදා ඇත.

බිංගිරිය රජමහා විහාරාධිපති කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක මලගනේ අත්ථදස්සි නා හිමියන්ට දීර්ඝායු පැතීමටත්, මිල්ටන් දොඩන්ගොඩ ආරච්චි මහතාගේ පරලොව සැපත් මවුපියන්ට සහ පවුලේ ඥාතීන්ට පින් පිණිසත් එම මහත්මියගේ මියගිය පියාණන් ඇතුළු පවුලේ ඥාතීන්ට පින් පිණිසත් එම මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසත් එම මහඟු කර්තව්‍යයට ආධාර කළ සියලු හිතමිත්‍රාදීන්ගේ මියගිය ඥාති මිත්‍රාදීන්ට පින් පිණිසත් එම පින්කම සිදු කෙරේ.

****

පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමයේ පෝදා පින්කම්

පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමයේ දී පෝදා දවස පුරා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වේ. විශේෂයෙන් ගඟුල විහාරස්ථ ශ්‍රී ඥානවිමල ධර්ම පාඨශාලාවට වසර 68 ක් පිරීම නිමිත්තෙන් එම පින්කම් පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ එම වැඩසටහන් දවස පුරා විසුරුවා හැරීමට කටයුතු යොදා තිබේ. ගඟුල සිරි පරම විශුද්ධාරාමය එගොඩ උයන ජිනේන්ද්‍ර චෛත්‍යරාමය යන උභය විහාරාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම් සිදුවේ. පෝදා පෙරවරු 5.25 – 5.55 අටසිල් සමාදන්වීම හා බුද්ධ පූජාව පැවැත්වීම, රාජකීය පණ්ඩිත තන්තිරිමුල්ලේ සරණ හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත තන්තිරිමුල්ලේ සරණ හිමි, 9.00 – 10.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ශාස්ත්‍රපති ඕනෑගම උපාලි හිමි, සමඟ ශාස්ත්‍රපති අරුග්ගොඩ මහින්දසිරි හිමි, පස්වරු 4.00 – 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඒරියාවේ මංගල හිමි 6.30 – 7.00 බෝධි පූජාව හඟුරන්කෙත ඉන්දසිරි හිමි රාත්‍රී 9.00 පසුදින පහන්වනතුරු සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය රාජකීය පණ්ඩිත නරමානේ ශ්‍රී බුද්ධරක්ඛිත නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසිනි.

අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ බක් පුන් පොහොය වැඩසටහන පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. ඊට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. එම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

****

දෙහිවල

දෙහිවල කළුබෝවිල සරණංකර පාරේ බෝධීන් වහන්සේ අබියස බුදුමැදුර මෙම මස 29 වනදා පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබිණි.

****

ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමයේ පින්කම්

උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයේ දී පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. උදේ 6.00 – 6.30 කෝඳුරුවාවෙල මේධංකර හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඥානදීප හිමි, 9.30 – 10.30 ධර්ම සාකච්ඡාව මාවතවැවේ ගුණානන්ද නා හිමි, මහින්ද චන්ද්‍රසේකර 11.00 – 11.30 දවල් බුද්ධ පූජාව නේපාලයේ සුසීල හිමි, 1.00 – 1.30 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, මාරස්සන මහින්ද හිමි පස්වරු 2.00 – 3.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යට්ටෝගොඩ ධම්මාලෝක හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව වෙන්නවත්තේ රතනජෝති නා හිමි, 6.00 – 6.10 අටසිල් අලුත් කිරීම හුණුවිල සුමනරතන නා හිමි, 7.15 – 8.00 ආශිර්වාද බෝධි පූජාව බෝධිමළුවේ සංඝානන්ද හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි.