Print this Article


නිවනෙන් නිවෙන මග

නිවනෙන් නිවෙන මග

නිවන් මගට පහන් වැටක්, ගිහි දිවියට දම් වැස්සක්, සෝම හිමි අප්‍රකට ලිපි ආදී ග්‍රන්ථ රැසක් ලියූ මාධ්‍යවේදිනී ඉන්දු පෙරේරා විසින් සම්පාදනය කළ නිවනෙන් නිවෙන මග ග්‍රන්ථය මේ මස 17 වැනිදා කරන්දෙණිය සිරි නිවේසාරාමයේ දී එළිදැක්වුණි.

පිටිගල ධම්මවිනීත හිමියන් සමඟ කළ සාකච්ඡා ඇසුරෙන් සම්පාදනය කළ එම ග්‍රන්ථය සාහිත පොත් පියස නවතම ප්‍රකාශනයකි.

මෙම ග්‍රන්ථයේ කාලීන දහම් කරුණු රැසක් සරලව පැහැදිලි කර ඇති අතර පි‍්‍රයයන්ගෙන් වෙන් වීමේදී ඇතිවන වේදනාව සමනය කරගන්නා ආකාරය, මරණින් මතු අප කොයිබට ද? පිරිත් දේශනා අවශ්‍ය කුමකට ද? ආදී මාතෘකා රැසක් ඔස්සේ ග්‍රන්ථය ඔබ අතට පත්වේ.