Print this Article


ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ලබන්නා වූ නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් 86 වන වසරටත් පවත්වනු ලබන සති පිරිත් දේශනාව අප්‍රේල් මස 02 වැනි සඳුදා ආරම්භකොට 10 වැනි අඟහරුවාදා දහවල් දේවාල මහා දානයෙන් අවසන් කෙරේ.

උදේ 6.00 ට සවස 3.00 ට සහ රාත්‍රී 8.00 ට මහ පිරිත් දේශනා පැවැත්වේ. ආශිර්වාද පතා පිරිත් මණ්ඩපයේ තැබීම සඳහා තෙල්, බෙහෙත්, ගල් - වැලි, පිරිත් පැන්, නූල්, යන්ත්‍ර සහ අනෙකුත් ආරක්ෂක දේ. අප්‍රේල් මස 02 දාට ප්‍රථම විහාරස්ථානයට ගෙනැවිත් භාරදෙන්න. ගංගාරාම විහාරස්ථානය, 61 ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02.