Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම බක් පෝදා සීදුව මූකලන්ගමුව ලියනගෙමුල්ල පින්වතුන්ගේ දායකත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම බක් පෝදා

සීදුව මූකලන්ගමුව ලියනගෙමුල්ල පින්වතුන්ගේ දායකත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මාර්තු 31 සෙනසුරාදා බක් පුර පොහෝ දින පැවැත්වීම සීදුව මූකලන්ගමුව ලියනගෙමුල්ල බෞද්ධ සැදැහැතියන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. එය සංවිධානය කරන්නේ වසර 31 ක ඉතිහාසයක් ඇති මූකලන්ගමුව ලියනගෙමුල්ල එක්සත් පුෂ්පදාන සමිතිය සහ වසර හතරක සංවත්සරය පවත්වන එකමුතු අවමංගල්‍යාධාර සහ සුබ සාධක සමිතිය යි. තැලසීමියා පිළිකා හා හදවත් රෝගීන් වෙනුවෙන් 1988 සිට 2017 දක්වා වසර 30 ක් ලේ දන්දීමේ පින්කම් වාර්ෂිකව සංවිධානය කළ එක්සත් පුෂ්පදාන සමිතිය මෙවර එම පින්කම සුවිශුද්ධාරාමයේ සිරි ගුණාලංකාර දහම් පාසලට පවරා දී මෙරටට ප්‍රසිද්ධ රජමහා විහාරස්ථාන වන්දනාමාන කිරීමට වන්දනා චාරිකාවන් ආරම්භ කර ඇත.

මේ සඳහා මිහින්තලේ රාජමහා විහාරස්ථානයේ කප්රුක් පූජාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ වන්දනා කිරීමටත් බක් පුර පෝය දිනට කටයුතු යොදා ඇත. මූකලන්ගමු ලියනගෙමුල්ල එකමුතු අවමංගල්‍යාධාර සහ සුබ සාධක සමිතියත් ඒකාබද්ධ වී ඇත. මිහින්තලා පුදබිමේ කප්රුක් පූජාව සහ තවත් විශේෂ පූජාවක් පැවැත්වීමට ඉහත සංවිධානවල සභාපති සහ ප්‍රධාන සංවිධායක හිටපු නගරාධිපති රන්ජිත් සෝමවීර මහතා දිගු කලක සිට කරන ලද ඉල්ලීම අනුව සීදුව මූකලන්ගමුව, ලියනගෙමුල්ල සැදැහැති බෞද්ධ ජනතාවට මිහින්තලා රජමහා විහාරස්ථානයේ කප්රුක් පළඳනා පින්කම පුර පොහොය දිනක දී පැවැත්වීමට වාසනාව උදා වී ඇත.