UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

දුවේ පුතේ,

ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

216. පොල්පිටිමූකලාන – සිරිවිමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසලේ
1 ඒ ශ්‍රේණිය
දීත්ම සජාර ජයසිංහ

217. වාද්දුව – ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ
7 ශ්‍රේණියේ
ඒ .ආර්. රොෂේන් ශාරීන්ද

218. රත්නපුර – ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ
1 ශ්‍රේණියේ
ඒ.බී. ගඟිනිදු චන්ද්‍රසේන

219. රත්නපුර – ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ
4 ශ්‍රේණියේ
ඒ.බී. හසිඳු චන්ද්‍රසේන

220. ගම්පහ – ශ්‍රී සුමණ කීර්ති මහා පිරිවෙනේ
2 වසරේ –
ඇඹලේගොඩ සුදත්ත හිමි

221. ගම්පහ – ශ්‍රී සුමණ කීර්ති මහා පිරිවෙණේ
2 වසරේ
පෑලියගොඩ සුගුණධම්ම හිමි

222. මහරගම – බෝසත් දහම් පාසලේ
5 ශ්‍රේණියේ
මජිම් මෙවන්ජනා

223. පන්විලතැන්න – ශ්‍රී ධර්මඥාන දහම් පාසලේ
8 ශ්‍රේණියේ
ආර්.ඩී.ජී. සකිල මල්ෂාන්

224. උලපනේ – සිරි සීලරතන දහම් පාසලේ
3 ශ්‍රේණියේ
සෙනුරි එරන්දි ද සිල්වා

225. බණ්ඩාරවෙල – මධ්‍යමහා විදුහලේ
9 ශ්‍රේණියේ
එම්.පී. කෝලිත පැතුම්


පැන පැන විසඳුම්

පහත සඳහන් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුරු කෙටියෙන් පැහැදිලිව ලියා බුදුසරණ වෙත යොමු කරන්න. නිවැරැදිව එවන පිළිතුරු තෝරා ජයග්‍රාහක දරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරදිව ලියා එවන්න.


බුදු සමිඳුනේ

නෙතට ඇති සැපය ඔබෙ රුව දැකීමයි
සවනට ඇති සැපය ධර්මය ඇසීමයි
සිතට ඇති සැපය ඔබෙ ගුණ රැඳීමයි
මට ඇති සරණ බුදු හිමි මඟ ගැනීමයි

බොහෝ දුර ගෙවාගෙන ආවෙමි ඔබේ රුව දකින්නට
නෙළාගෙන ආවෙ හිමි නමට මල් පුදන්නට
සමිඳුනේ ඔබ දෙසූ මඟ දිවිපුරා යන්නට
අදිටන් කර ගත්තෙමි සසරෙන් මිදෙන්නට

සියලු දෙවියන්ගේ හිත සුව පිණිසට
සියලු ජනයාගේ යහපත සැදීමට
ලෝවැසි දනන් දුකින් මුදවා ගැනීමට
මනු ලොව වැඩියේ බුදුසමිඳුන් අප පිනට


ඉඩදෙන්න

පුංචි මල් කැකුළු වෙමු අපි
ජනිත වු මේ දේශයේ
ඉඩ දෙන්න, පිබිදෙන්න,
අත දෙන්න, හිනැහෙන්න
සෙනෙහසින් නිදහසේ.
ළමා ලොව සරන්නට
එහි මිහිර විඳින්නට
මව් ඇකයෙ හිස තබා
නෙත් පියාගෙන ඉන්න
මෑණියගේ තුරුල්ලේ
සෙනෙහෙ සුව විඳගන්න
ඉඩදෙන්න හෙට දිනේ
ලෝකයම ජයගන්න


මව් සෙනෙහස

දස මස කුස හොවා
මා බිහි කළ අම්මා
රතු ලේ කිරි කරලා
රන් කිරි පෙව්වා

දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
පාද තොටිල්ලේ මවගේ
මා නැලවූවා සුරතල් බස් පවසාලා

උසි කපුටෝ උසි කිව්වා
කපුටො පැන්නුවා
හඳ හාමිට අඬ ගැහුවා
කිරියි පැණිත් ගෙනත් දියෝ

මගේ පුතා නිදියනවා
මා නිදි කෙරුවා
හපන් හපන් හපන් කියා
මා බිම දණ ගාන විටදි

රන් දෝතින් ඔසවාලා
මා සිප ගත්තා
ඔන්චිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට රන් අකුලේ

මවගේ රන් ඔන්චිල්ලේ
ඔන්චිලි පැද්දා
එකයි දෙකයි තුනයි කියා
නාවපු හැටි මට මතකයි

මගෙ වස්තුව මගෙ රන් කඳ
නිතරම ඇගෙ මුව වූවා
හබුන් කටයි බත් දෙකටයි
චූටි කුරුල්ලෙක් එනවා

බත් ගුලි කැවුවා
චූටි චූටි චූටි චූටි
බෝල බෝල බෝල බෝල
බත් ගුලි හදලා අම්මා

මට බත් කැවුවා
ලියමු ලියමු අකුරු ලියමු
කියමු කියමු අකුරු කියමු
ඇඟිලි තුඩින් අල්ලා ගෙන

අකුරුත් ලිව්වා
අන්න පුතේ සාදු එනවා
සාදු කියමු සාදු කියමු
ලොකු හාමුදුරුවෝ අන්න
ගමේ පන්සලේ
අපේ ගමේ පන්සලේ


සසුනට අහිමි වූ යතිවරයාණෝ

දල්වා තිබූ
ඒ මිණි පහන නිවුණි
බෙල්ලන්විල නා හිමි සඳුනි,
ඔබ වහන්සේ සසුනට කළ මෙහෙය
ලොවම අගයන්නේ ය
යතිවරයාණෙනි,
දයාලූ ඔබේ හදවත් ගුණයෙන්
විඩාබර අපේ හදවත් සුවපත් වීය
ඒ පින් බෙලෙන් ලැබේවා
ඔබ වහන්සේට
අමා මහ නිවන් සුවය


වෙල්යායක සුන්දරත්වය

ගමේ වෙල්යාය පිහිටා ඇත්තේ අපේ ගමට පහළිනි. එක් සවස් කාලයක මම අම්මාත් සමඟ වෙල්යාය බැලීමට ගියෙමි. එහි තිබූ සුන්දරත්වය කියා නිම කිරීමට බැරි තරම් ය.

රන්වන් පාටින් දිස්වුණු කෙත්යාය දෙස ඇසිපිය නොහෙළා මම බලා සිටියෙමි. රන්වන් කරලින් බරව ගොයම් පැළ මඳ සුළඟට ලෙල දෙන අයුරු බලා සිටියේ විස්මය දනවන දෙනෙතිනි. මා සිතුවේ මා පමණක් මෙය බලා සිටිනවා කියා ය. නමුත්. තවත් බොහෝ ළමයි ඒ අසල විය. නිමල් මාමා පැහීගෙන එන ගොයම් කරල් බලා පරීක්ෂා කළේ ගොයම් කැපීමට ළඟදැයි දැන ගැනීමට විය හැකි ය. විටින් විට පැමිණෙන ගිරා රංචු එළවීම සුනීතා නැන්දාට ඉතා අපහසු වුවත්, ගොයම් ආරක්ෂා කර ගැනීමෙහිලා ඇය කරන මෙහෙය ඉතා අනර්ඝ විය.

හිරු කුමරා සඳ කුමරුට ඔටුන්න හිමි කර දුන් බැවින් අඳුර පැතිරුණේ ය. එම නිසා අපි කඳුළු පිරි දෙනෙතින් යුතුව ගෙදර ආවෙමු.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]