Print this Article


සම්බුදු ගුණමහිම: ආමිස ප්‍රතිපත්ති සියලු පුජාවන්ට සුදුසු වන සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 22

ආමිස ප්‍රතිපත්ති සියලු පුජාවන්ට සුදුසු වන සේක

" දැන් අපි, එළිපිට පව්කරන් නෑ. හිතින් පව් කරනවා. සිතෙන් කෙනෙකුට බනිනවා. සිතෙන් කෙනෙකුට දොස් කියනවා. සිතෙන් කෙනෙකුට ඉරිසියා කරනවා. සිතින් ලෝභ සිතක් ඇතිකරගන්නවා. සිතින් ද්වේශ සිතක් ඇති කරගන්නවා. සිතින් මෝහ සිතක් ඇති කරගන්නවා. සිතින් මානය, දිට්ඨිය ඇති කරගන්නවා. නමුත් බුදුපියාණන් වහන්සේ කවදාවත් හිතෙන් පවක් කර නැහැ. හිතෙන් පවක් කරන්නෙ නෑ කියන්නේ වචනයෙන් පවක් සිද්ධ වෙනවාද නැහැ. කයෙන් පවක් වෙනවාද නෑ උන්වහන්සේ සොර සිතින්, රහසිගත සිතින් පාපයක් කරන්නේ නැති නිසා කියනවා අරහං කියලා. "

පච්චයාදීනං අරහත්තා ඉතිපි අරහං.’බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ වඳින්ට පුදන්ට පුළුවන් හැමෝගෙන් ම වන්දනාව ලබන්න ගෞරවය ලබන්න, ගරු බුහුමන් ලබන්න සුදුස්සෙක් වුණා. දවසක් බුදුපියාණන් වහන්සේ මහා සංඝරත්නය සමඟ වඩින අවස්ථාවක දී අත්තක් උඩ සිටියා බකමූණු පක්ෂියෙක්. මේ බකමූණු පක්ෂියා බුදුරජාණන් වහන්සේ දැකලා අත්තෙන් පහළට බැහැලා ශ්‍රී පතුල් ළඟ හිස පාත්කරලා වන්දනා කළා.

ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ තිරිසන්ගත සත්වයා හිතේ පැහැදීමක් ඇතිකරගෙන වන්දනා කළා. මේ කරගත්ත කුසලයෙන් නැවත නිවන් දක්නා මොහොත දක්වා මෙවැනි තිරිසන් ආත්මවලින් අත් මිදෙනවා. අත් මිදිලා මතු අනාගතයේ දි සෝමනස්ස නමින් පසේ බුද්ධත්වය ලබලා නිවන් දකිනවා කියා. තථාගතයන් වහන්සේට වැඳීම පමණක් ම පූජාවක්. එය ප්‍රතිපත්ති පූජාවක්. වැඳීමෙන් පමණක් ම ලොව්තුරා සැපය ලැබුණා. තථාගතයන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ දී දේශනා කළා. ආමිස පුජාවන්ගෙන් නම් මා සතුටු කරන්න බෑ. ප්‍රතිපත්ති පූජාවෙන් ම තමයි පුළුවන් වන්නේ කියා .නමුත් ආමිස පූජාව කිරීම වරදක් නොවේ. නමුත් ප්‍රතිපත්ති පූජාව වැදගත් .එතකොට ආමිස, ප්‍රතිපත්ති කියන සියලුම පූජාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ වැඳුම් පිදුම් ලබන්ට සුදුසු නිසා අරහං කියා කියනවා.

රහා පාපකරණෙ රහාභාවා ඉතිපි – අරහං’ වෙනත්, පුද්ගලයන් මෙන් රහසින්වත් කිසි වරදක් නොකරන බැවින් අරහත් ය.

රහසින්වත් පව් කරන්නේ නෑ. දැන් අපි, එළිපිට පව්කරන් නෑ. හිතින් පව් කරනවා. සිතෙන් කෙනෙකුට බනිනවා. සිතෙන් කෙනෙකුට දොස් කියනවා. සිතෙන් කෙනෙකුට ඉරිසියා කරනවා. සිතින් ලෝභ සිතක් ඇතිකරගන්නවා. සිතින් ද්වේශ සිතක් ඇති කරගන්නවා. සිතින් මෝහ සිතක් ඇති කරගන්නවා. සිතින් මානය, දිට්ඨිය ඇති කරගන්නවා. නමුත් බුදුපියාණන් වහන්සේ කවදාවත් හිතෙන් පවක් කර නැහැ. හිතෙන් පවක් කරන්නෙ නෑ කියන්නේ වචනයෙන් පවක් සිද්ධ වෙනවාද නැහැ. කයෙන් පවක් වෙනවාද නෑ උන්වහන්සේ සොර සිතින්, රහසිගත සිතින් පාපයක් කරන්නේ නැති නිසා කියනවා අරහං කියලා.

එහෙනම් ඒ භාග්‍යවත් වූ,අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේ වාසනා සහිත වු සකල ක්ලේශයන්ගෙන් දුරුවු හෙයින් ද රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, සංසාර චක්‍රයාගේ කෙලෙස් අර සිඳළු හෙයින් ද, ආමිස ප්‍රතිපත්ති යන සියලු පූජාවන්ට සුදුසු වන හෙයින් ද, රහසින් වත් පව් නොකළ බැවින් ද ‘අරහං’ නම් වන සේක. මෙසේ අරහං ගුණයෙන් සමන්නාගත වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය ද පුජා කරමි පූජා වේවා!!!

සාදූ...සාදූ...සාදූ...

සම්මා සම්බුද්ධ ගුණමහිමය

‘සම්මා සම්බුද්ධ ගුණය
‘අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවෙතබ්බංච භාවිතං
පහාතබ්බං පහීනං මෙ එසො බුද්ධොස්මි බ්‍රාහ්මණ”

මේ දේශනාව බුදුපියාණන් වහන්සේ කරන්නේ කාටද? උපක කියන ආජිවකයාට. උන්වහන්සේට සිතක් පහළ වෙනවා මේ වාගේ.

මම මේ දුක සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය ඉතාමත් ගැඹුරුයි. මේ කෙලෙස්වල බරින් සත්වයන්ට අවබෝධ කරගන්න බෑ වගේ.

පටිසෝති ගාමිං නිපුණං
– ගම්භීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඛින්ති
– නමොක්ඛන්ධෙන ආවටාති’

හරියට ගඟක උඩු අතට ගලා යනවා වාගේ වැඩක් තමයි. මේ නිර්වාණ මාර්ගය කියා කියන්නේ. අද මේ ඇත්තෝ උනත් හැමෝටම ඉතින් ආර්ථික ප්‍රශ්න,දරුවන්ගේ ප්‍රශ්න. මිල මුදල් ප්‍රශ්න, ගෙවල් හදන්ට ඕනේ. යාන වාහන ගන්ට ඕනේ. නොයෙක් සිතුම්’ පැතුම් වලින් බරිත වෙලා ඉන්නේ. ඔය ඔක්කෝම පහළට තමයි ගලාගෙන යන්නෙ. ගඟේ පල්ලෙහාට තමයි ගලාගෙන යන්නේ. ඔය අතරේ එක්කෙනෙක් කියනවා නම් ඕවා කරලා වැඩක් නෑ. අපි දන් දෙන්ට ඕනේ සිල් රකින්ට ඕනේ. භාවනා කරන්න ඕනෙ. ගුණ පිළිවෙත් පුරන්ට ඕනෙ කියනවා නම් අර ගලාගෙන යන ගඟේ උඩුගම් බලා තමයි ඒ ඇත්තෝ පීනන්ට ඕනේ. ඉතින් උඩ අතට යන එකද අමාරු? පහළ යන එක ද අමාරු? උඩ අතට යන එක අමාරුයි.

‘පටිසෝත ගාමිං නිපුණං ගම්භීරං
දුද්දසං අණුං’
උඩුගං බලාගෙන යනවා වාගේ වැඩක් තමයි
මේ නිර්වාණ මාර්ගය, හැබැයි.
‘රාගරත්තා න දක්ඛින්තී නමොක්ඛන්ධෙන ආවටාති’

අවිද්‍යාව නැමැති අඳුරෙන් වැසිලා, රාගයෙන් උමතුවෙලා ඉන්න මේ මනුස්සයන්ට සත්වයන්ට මගේ ධර්මය නම් තේරෙන්නෙ නෑ කියලා තථාගතයන් වහන්සේට උකටලී කමක් ඇති වුණා. ඒ වේලාවේ පින්වතුනි සහම්පතී මහා බ්‍රහ්මයා හරියට දැන් අපි වකුටු කරගත්ත අතක් දිගු කරගන්නට, දිගු කරගත්ත අතක් වකුටු කරගන්න ඇතිවෙන්නේ බොහෝම ක්ෂණයයි. ඒ වාගේ සුළු වේලාවකින් බ්‍රහ්ම රාජයා ලෝකයෙන් පහළට ඇවිදින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී පතුල වන්දනා කරලා බොහොම ලස්සන ආයාචනයක් කරනවා. “ස්වාමීනි මේ මගධ රට අතීතයේ කෙලෙස් තියන ඇත්තෝ හිටියා. නමුත් ස්වාමීනි කෙලෙස් නැති මේ ධර්මය දකින්න පුළුවන් අය ඉන්නවා. ඔබ වහන්සේ මේ ශෝක ගින්නෙන් අත මිදිලා, ප්‍රඥාවෙන් අග තැන්පත් වු උතුමන් වහන්සේ. ප්‍රඥාව නමැති පර්වත මුදුනට නැගලා හාත්පස බලන්නට මේ ලෝකය දිහා, මේ ධර්මය දකින්ට පුළුවන් අය ඉන්නවා.