Print this Article


අපවත් වී වදාළ කුඩාහීල්ලේ රතන නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 24 වනදා

අපවත් වී වදාළ කුඩාහීල්ලේ රතන නා හිමියන්ගේ

ආදාහන පූජෝත්සවය 24 වනදා

කොළඹ 15 මට්ටක්කුලිය ශී‍්‍ර කල්‍යාණි ගංගාරාමාධිපතිව වැඩ විසු අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නාහිමියෝ (19 වනදා)අපවත් වී වදාළහ.

පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන්හි පුරා තිස් වසරක් පමණ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ රතන නා හිමියෝ අපවත්වන විට 80 වන වියේ පසු වූහ.

ආදාහන පූජෝත්සවය මෙම 24 වනදා පස්වරු 3 ට මෝදර විස්ට්වයික් ක්‍රීඩාංගණයේදි සිදු කෙරේ.