Print this Article


ඉහළ ඉඹුල්ගොඩ අභිනව ධර්ම ශාලාව විවෘත කිරීම 24 වෙනිදා

ඉහළ ඉඹුල්ගොඩ අභිනව ධර්ම ශාලාව විවෘත කිරීම 24 වෙනිදා

ඉහළ ඉඹුල්ගොඩ ශ්‍රී නන්දනාරාමයේ ගොඩනංවන ලද දෙමහල් ධර්ම ශාලාව විවෘත කිරීම විහාරත්‍රයාධිපති, බුත්පිටියේ සුමන හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාවේ ආරාධනා පරිදි මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්ගේ සුරතින් මාර්තු මස 24 වෙනි පස්වරුවේ විවෘත කෙරේ. ඒ නිමිත්තෙන් මාර්තු 25 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ධර්ම දේශනා මාලාවක්ද, අපේ‍්‍රල් 01 වෙනිදා සිට සති පිරිත් දේශනයක්ද, අපේ‍්‍රල් 04 වෙනිදා සියක් නමක් විෂයෙහි මහා දානමය පින්කමක් ද එදින රාත්‍රියේ පවත්වන දොරකඩ අස්න අනුශාසනාවකින් ද මේ මහා පුණ්‍ය කර්මය අවසන් වේ.