Print this Article


සංකල්ප විහාරයේ පන් ලක්ෂයක් මල් පූජා කිරීමේ පින්කම 24 වැනිදා

සංකල්ප විහාරයේ පන් ලක්ෂයක් මල් පූජා කිරීමේ පින්කම 24 වැනිදා

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පන් ලක්ෂයක් මල් පුජා කිරීමේ පින්කම මෙවරද පිළියන්දල ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන්ගේ මෙහෙයවීමෙන් මේ මස 24 වැනි සෙනසුරාදා පස්වරු 6.00 ට ආරම්භ කැරේ. 24 වැනිදා පෙරවරු 5.00 කිරි ආහාර සම්බුද්ධ පූජාවෙන් අනතුරුව විශේෂ සීල භාවනා වැඩසටහන ආරම්භ කෙරේ. සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මල් පින්කම් කමිටුව එම පින්කම සංවිධානය කරති.