Print this Article


සපුගස්කන්ද ශ්‍රී සීලරතන දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයෙන්

සපුගස්කන්ද ශ්‍රී සීලරතන දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයෙන්
 

සපුගස්කන්ද ශ්‍රී සීලරතන දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත් දා (4) සපුගස්කන්ද යොෂිඩා අධ්‍යාපන ආයතනයේ ධර්ම විද්‍යාල ගොඩනැගිල්ලේ දී පැවැත්විණි. යොෂිඩා අධ්‍යාපන ආයතනයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස නා හිමියෝ එම උත්සවයෙහි මුලසුන හෙබවූහ.


සියලු සිසු දරු දැරියන් වෙත පොදු තිළිණ හා විවිධ අංශවලින් දස්කම් දැක්වූ සිසු දරු දැරියන් වෙත විශේෂ තිළිණ ද ප්‍රදානය කෙරිණි. ප්‍රධානාචාරිනී මනෝරි පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් එම උත්සවය සංවිධානය කර තිබිණි.


ඡායාරූප මල්වාන සමූහ