Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 40/10 ද සිල්වාපාරේ කළුබෝවිල, දෙහිවල පදිංචි ඩබ්ලිව්.එල්.ඩී. රඹුක්පිටිය මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර ගීගනහේවා මහතා නිර්දේශ කර ඇති බව කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 077 52044 56 දුරකථන අංකය ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

අක්මාව බද්ධ කිරීමේ සැත්කමකට ආධාර ඉල්ලයි

එම්.පී. සන්ගිත ගිම්හාන හට අක්මාවක් බද්ධ කිරීමට සිදු වී ඇති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂර්මන් රංජින්ද්‍රජිත් මහතා නිර්දේශ කර ඇති බව කියයි. එම සැත්කම සඳහා අවශ්‍ය අක්මාවේ කොටස පරිත්‍යාග කිරීමට ඔහුගේ පියා එම්.පී.එන්. විපුල කුමාර මහතා සූදානම් ව සිටින බව ද කියයි. ඒ සඳහා අවශ්‍ය කරන සැත්කම කිරීමට ඉන්දියාවේ ග්ලෝබල් රෝහල වෙත දරුවා රැගෙන යා යුතු අතර ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වන බැව් ඇස්තමේන්තු කර ඇත. සුළු ආදායමක් ලබන දරුවාගේ පියා ට ඒ මුදල් පූර්ණ කරගත නොහැකි බැවින් ත්‍යාගශීලීන්ගෙන් ඔවුහු ආධාර පතති.

එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට දායක වීමට හැකි නම් ලංකා බැංකුව, දුම්මලසූරිය ශාඛාවේ ගිණුම් අංක 70255930 එම්. පී. නිශ්ශංක විපුල කුමාරගේ බැංකු ගිණුම වෙත ආධාර යොමු කරන මෙන් ඉල්ලීමක් කෙරේ.