Print this Article


ඉස්ලාම් පල්ලියෙන් හිමිනමකගේ මෑණියන්ට නිවෙසක්

ඉස්ලාම් පල්ලියෙන් හිමිනමකගේ මෑණියන්ට නිවෙසක්

වැල්ලම්පිටිය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ නව භික්ෂු නේවාසිකාගාරය සඳහා මුල්ගල තැබීම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කෙරුණු රන්වැට ස්ථාපිත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (11) දා පැවැත්විණි.

එහි දී එම විහාරස්ථානයේ නේවාසික පනාමුරේ විමලබුද්ධි හිමියන්ගේ මෑණියන්ට නිවසක් ඉදිකිරීම සඳහා කොලොන්නාව ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති අයි. වයි. කේ. හනීප් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත මුදල් ප්‍රතිපාදන ලබාදුන් අතර එම මුදල් ප්‍රතිපාදනය අගමැතිවරයා විසින් විමලබුද්ධි හිමියන්ට පිරිනැමූ අවස්ථාව.