Print this Article


‘කැඩුණු පිළිමයටත් ගෞරව කරමු..’

‘කැඩුණු පිළිමයටත් ගෞරව කරමු..’

පසුගිය මැදින්පුර පසළොස්වක පොහෝදා ඉහත සිරසින් ඕමල්පේ සෝභිත හිමියන් විසින් පළකළ ලිපියට ප්‍රතිචාර ලෙස තැන තැන විසිරී ඇති කැඩුණු බිඳුණු බුදු පිළිම වහන්සේ බාරගෙන ගෞරවනීය ලෙස ආදාහන පූජෝත්සව කටයුතු සිදු කිරීමට ලංකාව පුරා විහාරස්ථාන දහසකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. ඉන් කිහිපයක් පමණක් මෙහි සඳහන් කෙරෙන අතර ගමේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර එම පුණ්‍ය කටයුත්ත සඳහා දායකත්වය ලබාදීමට පින්වත් ඔබට ද පුළුවන.

1. ශ්‍රී පුෂ්පාරාමය, තෙල්බදුආර, ඇඹිලිපිටිය.

2. ශ්‍රී මහින්දාරාමය, ගල්අමුණ, ඇඹිලිපිටිය

3. ශ්‍රී බෝධිරාජ ධර්මායතනය, හිඟුරආර, ඇඹිලිපිටිය.

4. ශ්‍රී බෝධිවිහාරය, නව නගරය, ඇඹිලිපිටිය

5. ශ්‍රී දර්ශනගිරි විහාරය, දර්ශනගම, ඇඹිලිපිටිය.

6. ශ්‍රී සමාධි විහාරය, තුන්වෙනි පටුමග, ගල්වංගුව, ගුරුආරගම, ඇඹිලිපිටිය.

7. විපස්සනා භාවනා මධ්‍යස්ථානය, විජේරාම මාවත, කොළඹ 07

8. ශ්‍රී බෝධිරුක්ඛාරාමය, තල්පත්පිටියපාර, නුගේගොඩ

9. ශ්‍රී ජේතවනාරාමය, ජේතවන මාවත, කොළඹ 14

10. කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඉහළබෝමිරිය, කඩුවෙල

11. ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන, වලපල, පානදුර

12. සිරිනන්දන පිරිවෙන, සරික්කමුල්ල, පානදුර

13. විද්‍යාරාජ පිරිවෙන, ගොරකපොල, පානදුර

14. ශ්‍රී ආනන්දාරාමය, මෝල්පේ, මොරටුව

15. ශ්‍රී බෝධිරාජාරාමය, නාමල් මාවත, කෙසෙල්වත්ත, පානදුර

16. ධම්මනිකේතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර සුහද මාවත, ප්‍රනාන්දු පෙදෙස, මොරටුව.

17. ශ්‍රී ලංකාරාමය, හොරොන්තුඩුව, වාද්දූව.

18. ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඕකේවෙල, මොදරවාන

19. ශ්‍රී සුදර්මාරාම පිරිවෙන් විද්‍යායතනය අවිස්සාවේල්ල.

20.ශ්‍රී ජයසුමනාරාමය, ඇපලපිටිය, අවිස්සාවේල්ල,

21. සිරිනිවේසාරාමය, ගොඩපිටිය, කොස්ගොඩ

22. ගනේගොඩැල්ල රජමහා විහාරය, නාපේ, කොස්ගොඩ

23.ශ්‍රී සුමනකීර්ති මහ පිරිවෙන, නාරංවල, ගම්පහ

24. ශ්‍රී සුනන්දාරාමය, බියගම, කොස්ගොඩ

25. සිරිමංගල පිරිවෙන, ශ්‍රී ධර්මවංශ මාවත, මාතර

26. ශ්‍රී වාළුකාරාමය, උයන්වත්ත, මාතර

27. ශ්‍රී වේළුවනාරාමය, වේරදූව, මාතර

28. ශ්‍රී සුධර්මාරාමය, දම්මුල්ල, බෙලිඅත්ත

29. ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානය, හත්බෝධිය, බෙලිඅත්ත

30. ශ්‍රී සුනන්දාරාම මහා විහාරය, බෙලිඅත්ත

31. ශ්‍රී ජයවර්ධනාරාමය, මිරිස්වත්ත, බෙලිඅත්ත

32. ශ්‍රී වල්ලිකන්දාරාමය, වල්ලිමාතාගම, කතරගම

33. ශ්‍රී ජයසුමනාරාමය, දෙටගමුව, කතරගම

34. ශ්‍රී ඥානසීහ තපෝවන විහාරය, කජුගස්වත්ත, රත්නපුර

35. සිරිසුමන මහ පිරිවෙන, මූද්දුව, රත්නපුර

36. ශ්‍රී බෝධිරාජාරාමය, බෝධිරාජ මාවත, රත්නපුර

37. ශ්‍රී ස්වර්ණවාළුකාරාමය, යටන්වල, රුවන්වැල්ල

38. ශ්‍රී නාගරුක්ඛාරාමය, වහරක, රුවන්වැල්ල.

39. ශ්‍රී වික්‍රමරාජසිංහ පුරාණ විහාරය, ඉහළමොරාවත්ත, රුවන්වැල්ල.

40. ධර්මසිංහාරාමය, සිංහපුර, හම්බන්තොට

41. ශ්‍රී ගුණානන්ද පිරිවෙන, හම්බන්තොට

42. ඉසිපතනාරාමය, ඉහළතල්දුව, දෙහිඕවිට

43. ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන, අනුරාධපුරය,

44. ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානය, තඹුත්තේගම.

45. ශ්‍රීපති පිරිවෙන, දියකලමුල්ල, කුලියාපිටිය.

46. ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන, කනදුල්ල, කුලියාපිටිය.

47. ශ්‍රී ශාසනාලංකාර මහ පිරිවෙන, අස්වැද්දුම, කුලියාපිටිය

48. ධර්මදූත විහාරය, උතුවන්කන්ද, මාවනැල්ල.

49. සම්මාජීව බෞද්ධ ආශ්‍රමය, රිල්හේන, පැල්මඩුල්ල.

50. ශ්‍රී රතනසිරි මහ පිරිවෙන, කැබැල්ලෙවෙල, හලාවත.

51. ශ්‍රී සම්බෝධි මහ පිරිවෙන, යක්ගහපිටිය, කුරුණෑගල

52. ශ්‍රී බෝධිරුක්ඛාරාමය, හත්පෝරුව ජනපදය, සූරියවැව

53. ශ්‍රී විජයාරාමය, බ්‍රාහ්මණවත්ත, බලපිටිය.

54. ශ්‍රී බෝධිරුක්ඛාරාමය, පාතේගම, බලපිටිය.

55. සුධර්මාරාමය, ඇල්දෙණිය, ගැටමාන්න.

56. ශ්‍රී ගුණානන්දාරාමය, තුංකම

57. ශ්‍රී සංඛපාල රජමහා විහාරය, කොළඹගෙආර.