Print this Article


මහවැව ශ්‍රී සමගි දහම් පාසලේ නදුලි රන්මිණ හේරත් කථික තරගයෙන් පළමු තැනට

මහවැව ශ්‍රී සමගි දහම් පාසලේ නදුලි රන්මිණ හේරත්

කථික තරගයෙන් පළමු තැනට

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩල දහම් පාසල් සිසු නිපුණතා තරගය පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැත්විණි. එහිදී 10 වන ශ්‍රේණියට අදාළව පැවති කථික තරගයේ දී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය මහවැව, ශ්‍රී සමගි දහම් පාසලේ 11 වන ශ්‍රේණියේ එච්. නදුලි රන්මිණ හේරත් ශිෂ්‍යාව ලබා ඇත. එම ශිෂ්‍යාව ප්‍රාදේශීය බල මණ්ඩලයේ හා දිස්ත්‍රික් බල මණ්ඩලයේ පැවති තරගාවලිය ද ජයග්‍රහණය කළ අතර, නොකඩවා වසර 4 ක් සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩල තරගය නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගත්තා ය.

එම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විහාරාධිකාරී හිමියන්, දහම් පාසලේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය ඇතුළු මව්පියන් සහයෝගය ලබා දී ඇත. එම ශිෂ්‍යාව වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබන දීප්තිමත් ශිෂ්‍යාවකි.