UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිත් දේශනාව - 06: පිරිතෙහි අරමුණු ඉටුවීමට නම්

පිරිතෙහි අරමුණු ඉටුවීමට නම්

පිරිතෙන් බලාපොරොත්තු වන අරමුණු ඒ අයුරින් ම ඉටු කර ගැනීමට නම්,

* සිත කය වචනය සංවර කරගෙන පිරිත් ඇසිය යුතු ය.

* ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන පිරිත් ඇසිය යුතුය.

* තෙරුවන් ගුණ මෙනෙහි කරමින් පිරිත් ඇසිය යුතු ය.

* සිත වෙන වෙන අරමුණු වෙත යෑමට අවකාශ නොදී පිරිත් ඇසිය යුතු ය.

* සූත්‍රයක් දෙසා අවසානයේ දී සාධුකාර පවත්වමින් පිරිත් ශ්‍රවණය කළ යුතු ය.

* හැකි උපරිම වේලාවක් පිරිත් ශ්‍රවණය කළ යුතු ය.

* දේවතාරාධනාවක් ද සිදු කොට දෙවියන් ද වඩමවා තෙරුවන් වැඩ සිටින ස්ථානයක් නිසා පන්සලක ජීවත් වනවා ය යන මානසික හා කායික සංයමය ඇතිකරගෙන පිරිත් ශ්‍රවණය කළ යුතු ය.

* තමන්ට මෙන් ම අන් අයට ද, සෙත ශාන්තිය සැලසේවා යන උසස් පරමාර්ථයෙන් පිරිත් ශ්‍රවණය කළ යුතු ය.

* තමන්ගේ වචනයෙන් සිතිවිලිවලින් කායික ක්‍රියාවලින් පිරිත් අසන කිසිවෙකුට සුළු හෝ බාධාවක් නොවන සේ පිරිත් ඇසිය යුතු ය.

* තමන්ට මතක පිරිත් සජ්ඣායනා කරන්නේ නම් පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලාගේ හඬ ඉක්මවා නො යන සේ ධර්ම ගෞරවයෙන් හැමට මෛත්‍රීයෙන් එය සජ්ඣායනා කළ යුතු ය.

* පිරිත් දේශනාව අවසානයේ දී පිරිත් පැන් පානය කොට පිරිත් නූලක් භික්ෂූන් වහන්සේ නමක්ලවා ම බැඳ ගැනීම කළ යුතු ය.

* පිරිත් නූල අතින් ඉවත් කරන විට එය ගෞරවයෙන් සිදු කොට නොපෑගෙන තැනකට තබන්න වග බලා ගත යුතු ය.

ඉහත දක්වන ලද කරුණු අනුගමනය කළහොත් ශ්‍රාවක පිරිසේ වගකීම් ද නිවැරදිව ම ඉටු වී ඇති නිසා පිරිතෙන් ලැබෙන ආරක්ෂාව තමන් අපේක්ෂා කරනවාටත් වඩා ඉහළ මට්ටමකින් ලබා ගැනීමට මග පෑදෙනු ඇත.

බුදුරදුන් පිරිත් දේශනා කරන දේශකයන් වහන්සේලාට උපදෙස් දී ඇත්තේ “ආනන්දත්ථේරෝවිය කාරඥේඤ චිත්තං උපට්ඨපෙත්වා” යනුවෙන් ආනන්ද හිමියන් තුළ පැවතුනා හා සමාන කරුණාවකින් පිරිත් දේශනා පවත්වන ලෙසයි. බුදුරදුන්ගේ උපදේශයෙහි පිහිටි භික්ෂූන් වහන්සේලා අතීතයේ සිට ම පිරිත් දේශනා පවත්වා ඇත. කාලයාගේ ඇවෑමෙන් පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේලා එය කෙසේ කළයුතු ද යන්න පිළිබඳව රජු හා ධර්මධර හා විනයධර භික්ෂූන් මූලික වී කතිකාවත් පවා රචනා කර තිබේ.

* ශ්‍රවණය කරන පිරිස කෙරෙහි මෛත්‍රී සිතින් දේශනා කිරීම

* නියමිත කාලයතුළ නොකඩවා පිරිත් දේශනා කිරීම

* මණ්ඩපයට වැඩම කරන විට හා මණ්ඩපයෙන් වැඩම කරන විට ධාතූන් වහන්සේට ගෞරවයෙන් වැඳීම

* ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සිවුරු නිවැරැදි ව පෙරවා මණ්ඩපයට වැඩම කිරීම

* මහ පිරිතට වඩිනා භික්ෂූන් වහන්සේලා එකපෙළට නොකැඩී වැඩම කිරීම

* සූත්‍ර දේශනා හා ආටානාටිය දේශනා සඳහා මණ්ඩපයට වැඩම කළ භික්ෂූන් තමන්ට නියමිත අවස්ථාව අපේක්ෂා කරමින්, තුෂ්නීම්භූතව කායික වාචසික ක්‍රියාවන්හි නොයෙදෙමින් සිටීම.

* මහ පිරිත දේශනා කරන විට භික්ෂූන් වහන්සේ අතරින් පිරිත් පුරන භික්ෂූන් වහන්සේ උපදවන ශබ්දයට අනුරූපව සෙසු භික්ෂූන් වහන්සේලා විසින් පිරිත් උච්චාරණය කිරීම. වෙන වෙනම තම තමන්ට කැමැති කැමැති නා නා ස්වර ඉපදවීම උච්චාරණ විධි සිදු නො කිරීම

* ආටානාටිය සූත්‍ර දේශනාව වදාරණ විට ද දෙපස යුග දෙකෙහි භික්ෂූන් සම ප්‍රමාණයෙන් මධුර මනෝහර ශබ්දයෙන් උච්චාරණය කරනු මිස මහ හඬින් සජ්ඣායනා නො කිරීම.

* පිරිත් මණ්ඩපයට පැමිණි භික්ෂූන් වහන්සේ ද විනය ප්‍රතිපත්තියක් සිද්ධ කරන්නට පැමිණි හෙයින් ශික්ෂා සමාදාපන්න අවවාදානුශාසනා අවස්ථාවෝචිත සියලු කටයුතු ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් ලවාම කිරීම

* දායක පිරිස් වෙනුවෙන් දේවදූතයකු ලවා පවත්වන දොරකඩ අස්න ද, මහ සඟ රුවන වෙනුවෙන් භික්ෂූන් වහන්සේ නමක් ලවා පවත්වන විහාර අස්න හා අනුශාසනාව ද, පවත්වන වෙලාවන්හි දී. එක එක පුද්ගලයෙකුගේ අභිමතාර්ථ නොසලකා හැම දෙනාට ම බලවත් කරුණා මෛත්‍රී සිතින් සුභ ප්‍රාර්ථනාවන්හි යෙදී සාවදානව වැඩ සිටීම.

 

  මැදින් අව අටවක පෝය


 මැදින් අව අටවක පෝය මාර්තු 09 වන දා සිකුරාදා පූර්ව භාග 03.47 ට ලබයි. 10 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය මාර්තු 17 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]