Print this Article


කලාසූරී ගුණදාස ලියනගේ ගුණ සමරුව 11 දා

කලාසූරී ගුණදාස ලියනගේ ගුණ සමරුව 11 දා

පුවත්පත් සඟරා කතුවරයකු, ගත් කතුවරයකු, භාෂා පරිවර්තකයකු හා ගුවන් විදුලි - රූපවාහිනි මාධ්‍යවේදියකු ලෙස විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කලාසූරී ගුණදාස ලියනගේ මහතා පරලොව සැපත් වී මාර්තු මස 12 වැනිදාට වසර 20ක් සපිරෙයි.

කලාසූරී ගුණදාස ලියනගේ සමරු පදනම සංවිධානය කරන “ගුලි ගුණ සුවඳ” සමරුව මාර්තු මස 11 වැනි ඉරිදා පස්වරු. 1.00 ට කොළඹ සම්බෝධි විහාරස්ථ බෞද්ධයා රූපවාහිනි පරිශ්‍රයේ දී පැවැත්වේ. හෝමාගම සීවලී සදහම් ආශ්‍රමයේ නිර්මාතෘ, ශාස්ත්‍රවේදී ගෝනදෙණියේ සීවලි හිමියෝ ධර්ම දේශනාව පවත්වති.