Print this Article


ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව 10 වන දා රුවන්වැලි මහා සෑ පුදබිමේ දී

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව 10 වන දා

රුවන්වැලි මහා සෑ පුදබිමේ දී

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව සහ නිවන් මඟ දේශනා මාලාව මාර්තු 10 වන දා සවස 3 සිට පසුදා උදෑසන 6 දක්වා රුවන්වැලි මහ සෑ පුදබිමේ දී පැවැත්වේ.

මහා සෑ රදුන් වහන්සේ උදෙසා මහා අධිෂ්ඨාන බල කංචුක පූජාව, මහා පුෂ්ප උපහාර පූජාව, මහා සුවඳ දුම් පූජාව, නොඉඳුල් දියනොමුසු කිරි ආහාරපූජාව, බුදු, පසේබුදු මහරහත් උත්තමයන් උදෙසා පුදන ආසන පූජාව, ශතාධික සඟරුවන සහභාගිත්වයෙන් මහා සෑ වන්දනාව, ගිලන්පස, අෂ්ඨපාන පූජාව, විදුලි ආලෝක පූජාව මහා ඖෂධ පූජාව ද පැවැත්වේ.

ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස සිට ආර්ය අෂ්ටාංගික මාර්ගය විවරණය කරමින් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ දී කහගොල්ලේ සෝමවංශ හිමි, පිටිගල ගුණරතන හිමි, කෝරළයාගම සරණතිස්ස හිමි, බළංගොඩ රාධ හිමි, උඩුදුම්බර සෝභිත හිමි, දහම් දෙසුම් පවත්වති.