Print this Article


පෝදා පින්කම්

කළුතර බෝධිය

කළුතර බෝධිභාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ දී පවත්වනු ලබන මැදින් පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම වැලිකල පඤ්ඤාතර හිමි, 7.30 – 9.45 ධර්ම දේශනාව පරගස්තොට සුධම්ම හිමි, 10.00 -11.30 ධර්ම දේශනාව විදුරුපොල ආනන්ද හිමි, පස්වරු 01.00 – 02.45 ධර්ම දේශනාව මහමෙව්නාවේ මංගල හිමි, 03.00 – 04.15 ධර්මදේශනාව වාද්දුවේ ධම්මවංශ හිමි, 04.45 – 06.00 ධර්ම දේශනාව උඩුදුම්බර ලංකානන්ද හිමි.

*****

බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.30 – 09.30 ධර්මානුශාසනාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නායින්වල ධම්මදස්සි හිමි, 09.30 – 11.00 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී, බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරී හා සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහා නාග හිමි, 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00 – 4.00 ධර්මානුශාසනාව කොලොන්නාව පුරාණ රජමහා විහාරවාසී අධ්‍යාපනවේදී කැලණියේ ශාසනවංස හිමි, 4.00 – 5.00 ගිහි දේශනය ජයසේන එදිරිසිංහ මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව ගොතටුව චන්දන විහාරාධිපති රාජකීය පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

*****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෙරවරු 6.00- 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ කුමාරකස්සප හිමි, 8.00 – 9.00 භාවනාව මැණික්බෝවේ දීපාලෝක හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති හඟුරංගල සුමේධ හිමි,10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ වරකාපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා 3.00 – 4.00 ධර්ම දේශනාව තලහගම නාරද හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

*****

සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මැදින් පුර පස ළොස්වක පෝය පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ගබ්බෙල වජිර හිමි, 7.00 – 8.00 හීල් දානයට විවේකය, 8.00 – 9.00 භාවනාව රත්මලාන ධර්මපර්යේෂණාධිපති හෑගොඩ විපස්සි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව බෙල්ලන්විල රජමහා විහාරවාසී ආචාර්ය ඌරු පැලැව්වේ හේමාරාම හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැනසිහගම ඛේම හිමිපාණෝ, වල්ගම වජිර ධම්ම හිමි, 11.15 – 12.15 දවල් දානයට විවේකය, ප.ව. 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, අතුරුගිරියේ සුධීර හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.45 – 02.45 ධර්ම දේශනාව, 02.45 – 03.45 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝදාරාමවාසී උලහිටියාවේ විභාවි හිමි, 03.45 – 04.00 ගිලන්පස විවේකය, 04.00 – 05.00 ධර්ම දේශනාව කෙහෙල්වල නන්ද හිමි, 05.00 – 6.00 ධම්ම පදය පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති මහඔය අනුරුද්ධ හිමි.

*****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධපූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව දළුගම සමිතඥාණ හිමි, 10.00- 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00- 3.00 වෛද්‍ය විද්‍යා දේශනය, 03.00 – 4.00 පස්වරු ධර්මදේශනාව බණ්ඩාරවෙල සාරද හිමි, 4.00 – 5.00 පරිත්‍රාණ දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව අනුරාධපුරයේ අරියඥාණ හිමි.

*****

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පුර පසළොස්වක පොහෝ දා ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරි මහින්ද නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක, උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන්, දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8.00 – 9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, පස්වරු 12.15 – 12. 45 සෙත් පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 දක්වා මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 සිට 3.15 ධර්ම දේශනය 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 4.30 -5.30 ධර්ම දේශනය 6.00 සිල්පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 සවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 - 9.00 රාත්‍රී ධර්ම දේශනය, පටිගත කරන ලද දේශනයක්.

*****

ගිරිඋල්ල උයන්වත්ත මේධංකරාරාමය

ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමයේ දී පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. පෝදා උදේ 5.55 – 7 අටසිල් සමාදන් කරවීම සහ අනුශාසනාව විහාරාධිපති කෝඳුරුවාවෙල මේධංකර හිමි, 7 – 7.30 සම්බුද්ධ පූජාව බෙලිඅත්තේ සුගුණ විසුද්ධි හිමි, 8 – 9 දහම් දෙසුම පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.15 බුද්ධ පූජාව පැවැත්වීම කුඹුක්ගැටේ ආනන්ද හිමි පස්වරු 1 – 3 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මාරස්සන මහින්ද හිමි, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතා, 3, 4 කාව්‍යමය සංවාද දහම් දෙසුම ශාස්ත්‍රපති කැලේගම මහින්ද හිමි, අලවතුරේ විජිත අබේවික්‍රම මහතා, 6.30 – 7.30 බෝධි පූජාව මහබුලන්කුලමේ ගුණරතන හිමි.

*****

රද්දොළුගම බෞද්ධ මහා සංගමයෙන් ශ්‍රී බෝධිමළුවේ දී පින්කම්

පෙරවරු 6.00 ශීල සමාදානය, 8.00 ධර්ම දේශනය 10.00 ධර්ම දේශනය 11.00 බුද්ධ පූජාව පස්වරු 2.00 ධර්ම දේශනය, 3.30 ධර්ම දේශනය 6.30 අටවිසි බෝධි පූජා පින්කම.

*****

බොරැල්ලේ ඓතිහාසික ශ්‍රී ගෝතමී පුරාණ විහාරස්ථානය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථාන යේ සීල සමාදාන පින්කම තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෙරවරු 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, මෙහෙයවීම, කිතුල්වත්ත එෆ්.ආර්. සේනානායකරාමාධිපති ශාස්ත්‍රපති, තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනා, පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමවාසී රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු, 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මඟින් පවත්වනු ලබන දේශනය ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මිය, ධර්ම දේශනය මරදාන සංඝමිත්තාරාමාධිපති ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව, උණුවතුර බුබුලේ පියදස්සී හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය.

*****

බත්තරමුල්ල සිරිසුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදාන සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.15 – 10.00 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනය, ශාස්ත්‍රපති බැදිගමුවේ අභයතිස්ස හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති තලගල සුමනරතන නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නා හිමි, 5.00 – 6.00 ධර්මදේශනය සහ පවාරණය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

*****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ සංඝමිත්තාරාමයේ දී පෝදා දවස පුරා සීල භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන පැවැත්වේ. පෙරවරු 9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහා විහාරස්ථානවාසී හිමිනමක් 9.30 – 10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී හිමිනමක් 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣානය 1.00 – 2.00 දහම් දෙසුම කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විනීත හිමි, 3.00 – 5.00 පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී මෙත්තාවංශ ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩ සටහනකි. සවස 6.00 ට මල් පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවක පූජාවක් උඩහ මුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම මැදින් පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.

*****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පෝදා වැඩසටහන සිදුකරනු ලැබේ. අලුයම 05.30 කිරිපිඬු දානය සහිත පෙරහර 6.30 – 7.30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන්කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.00 – 10.00 ජාතකකථා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.15 – 10.45 ධර්මදේශනය ඌරුබොක්කේ ඤාණසුබෝධ හිමි, 11.00 – දවල් සම්බුද්ධ පූජාව 12.30 – 2.30 ගිහිදේශනය

ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.30 – 3.00 ධර්මදේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 4.00 – 5.00 ‘මහසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 – 7.30 දක්වා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පුජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි, බුදුසරණ පුවත්පත, ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනෙවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

*****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පුරපසළොස්වක පෝය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 9.30 ට සම්බුදු වන්දනාව හා ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ විසිනි. පස්වරු 1.00 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අත්තරගම පඤ්ඤාරතන හිමියන් විසිනි. දවස පුරා දාන, සීල, භාවනා පින්කම් රැසක් පැවැත්වෙන අතර සවස 6.00 ට ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමකි.