Print this Article


සේරුවිල මංගල චෛත්‍ය පූජාවක් - රන්නසිරි පතිරණ

සේරුවිල මංගල චෛත්‍ය පූජාවක්

උදාවුණු නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ නව අරහාදී පහන් පූජාවක් මාර්තු 2 සහ 3 දිනවල ඓතිහාසික සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියසදී පැවැත්වේ. අධිෂ්ඨාන බෝධි පූජාවක් සහ බුදුගුණ භාවනා වැඩසටහනක් ද එම දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දොම්පේ, පාලුගම භාවනා මධ්‍යස්ථානාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව පැවැත්වේ. ගාල්ලේ කේ. අරණවිතාන මහතා පූජාව මෙහෙයවයි.

මෙම පින්කම් මාලාව සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් සඳහා නවාතැන්, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. මූතූර්, ත්‍රි’මලය කන්තලේ ශ්‍රී ලංගම බස්රථ සේවාවන්ට අමතරව කැලණිය, මහනුවර සහ කොළඹ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් සඳහා බස්රථ සේවාවන් සපයා ඇත.