Print this Article


සංකල්ප විහාරයේ පන්ලක්ෂයේ මල් පූජාව 24 වන දා

සංකල්ප විහාරයේ පන්ලක්ෂයේ මල් පූජාව 24 වන දා

පිළියන්දල, මාකන්දන, සංකල්ප විහාරයේ වාර්ෂික ‘මල්’ පින්කම මෙවරද මාර්තු 24 වන සෙනසුරාදා දින පස්වරු 6.00 ට පැවැත්වේ.

මෙවර මල් පන්ලක්ෂයක් පූජා කිරීමට කටයුතු යොදා ඇති අතර එයට සමන්පිච්ච මල් ලක්ෂයක්, දාස් මල් ලක්ෂ තුනක්, නෙලුම් මල් ලක්ෂයක් සහ අරලිය මල් සමඟ ඉද්දමල් ලක්ෂයක් ඇතුළුව මල් පන්ලක්ෂයක් පූජා කිරීමට කටයුතු යොදා ඇත.

ඊට සමගාමීව මල් පින්කමේ ආනිශංස කියාදෙන ධර්මදේශනා තුනක් සහ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද 24 වන දින දවස පුරා සීල භාවනා වැඩසටහනක් ද කිරි ආහාර බුද්ධ පූජාවක්ද පැවැත්වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කම සංකල්ප දායක සභාව සහ මල් පින්කම් කමිටුව මෙය සංවිධානය කර ඇත.