Print this Article


බක් පෝදා මිහින්තලා කප්රුක් පූජා පින්කම්

බක් පෝදා මිහින්තලා කප්රුක් පූජා පින්කම්

සීදුව මූකලන්ගමුව ලියනගෙමුල්ල පින්වතුන්ගේ දායකත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව 2018 මාර්තු 31 සෙනසුරාදා බක් පුර පොහෝ දින පැවැත්වීම සීදුව මූකලන්ගමුව ලියනගෙමුල්ල බෞද්ධ සැදැහැතියන්ගේ දායකත්වයෙන් සිදුකෙරේ. එය සංවිධානය කරන්නේ වසර 31 ක ඉතිහාසයක් ඇති මූකලගන්මුව ලියනගෙමුල්ල එක්සත් පුෂ්පදාන සමිතිය සහ වසර හතරක සංවත්සරය පවත්වන එකමුතු අවමංගල්‍යාධ්‍යාර සහ සුභ සාධක සමිතියයි.

තැලසීමියා, පිළිකා හා හදවත් රෝගීන් වෙනුවෙන් 1988 සිට 2017 දක්වා වසර 30 ක් ලේ දන්දීමේ පින්කම් වාර්ෂික සංවිධානය කළ එක්සත් පුෂ්පදාන සමිතිය මෙවර එම පින්කම ගම් ප්‍රදේශයේ සුදර්මාරාම දහම් පාසලට පවරා දී දිවයිනේ ප්‍රසිද්ධ රජමහා විහාරස්ථාන වන්දනා මාන කිරීමට වන්දනා චාරිකාවන් ආරම්භ කර ඇත. මේ සඳහා මිහින්තලේ රාජමහා විහාරස්ථානයේ කප්රුක් පූජාවත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ වන්දනා කිරීමත් බක් පුර පෝය දිනට කටයුතු යොදා ඇත. මේ සඳහා මූකලන්ගමු ලියනගෙ මුල්ල එකමුතු අවමංගල්‍යාධාර සහ සුබ සාධක සමිතියක් ඒකාබද්ධ වී ඇත. මිහින්තලා පුද බිමේ කප්රුක්පූජාව සහ තවත් විශේෂ පූජාවක් පැවැත්වීමට ඉහත සංවිධානවල සභාපති සහ ප්‍රධාන සංවිධායක හිටපු නගරාධිපති රන්පිත් සෝමවීර මහතා දිගු කලක සිට කරන ලද ඉල්ලීම අනුව සීදුව මූකලන්ගමුව, ලියනගෙමුල්ල සැදැහැති බෞද්ධ ජනතාවට මිහින්තලා රජමහා විහාරස්ථානයේ කප්රුක් පළඳනා පින්කම පුර පොහොය දිනක දී පැවැත්වීමට වාසනාව උදා වී ඇත.