Print this Article


ලේක්හවුස් ආදි කර්තෘ ඩි.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරු පින්කම

ලේක්හවුස් ආදි කර්තෘ ඩි.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරු පින්කම

ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 132 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලේක්හවුස් මන්දිරයේ දී ඉකුත් දා (22 ,23) දිනවලදී පින්කම්මාලාවක් පැවැත්විණි.

22 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ 23 වනදා ශතාධික සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. පිරිත් දේශනාව සඳහා කොළඹ ගංගාරාමයේ සිට මහ සඟරුවන වැඩම කරලූහ.ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දයාබර පුතණුවන් වන රංජිත් විජයවර්ධන මහතාණන් ද එම පින්කමට සහභාගි විය. එම පින්කම් මාලාවේ සුවිශේෂී අවස්ථාවන්


සංඝගත දක්ෂිණාව සඳහා මහා සංඝරත්නය වැඩම කිරීම


සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා චාරිත්‍රානුකූලව මහා සංඝරත්නයට පිරිත් දේශනාව සඳහා ආරාධනා කළ අවස්ථාව


කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා සධාතුක කරඬුව වෙත පුෂ්ප පූජාව පැවැත්වූ අවස්ථාව


මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කිරීම
 


ලේක්හවුස් සභාපතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවෝ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම


ඩී.ආර්.විජයවර්ධන මහතාගේ පුත් රංජිත් විජයවර්ධන මහතා මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වූ අයුරු


සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා මහා සංඝරත්නය උදෙසා පැන් පිළිගැන්වූ අවස්ථාව


දවල් සංඝගත දක්ෂිණාවට පෙර ගිහිපැවිදි සියලුදෙනා සම්බුද්ධ පූජාව සිදුකළ අවස්ථාව