Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා මාසික පින්කම පෝදා මිහින්තලා පුදබිමේ දී

මෙවර දායකත්වය තිස්සමහාරාම පන්නගමුව අයි. ජයසූරිය මහත්මිය ප්‍රධාන දායක පිරිසකගෙන්

මිහින්තලා ලේක්හවුස් කප් රුක් පූජා මාසික පින්කම මෙම මැදින් පෝදා මිහින්තලා රජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී

වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

මෙවර එම පින්කමේ දායකත්වය තිස්සමහාරාම පන්නගමුව අයි. ජයසූරිය මහත්මිය ප්‍රධාන පන්නගමුව ප්‍රදේශයේ දායක දායිකා පිරිසක් උසුලනු ලැබේ. අයි. ජයසූරිය මහත්මිය ප්‍රධාන එම ප්‍රදේශයේ සිල්වත් පිරිසක් පුණ්‍යභූමි රැසකදී විවිධ පින්කම්වල නිරත වී ඇති අතර ථූපාරාමය, සෝමාවතී, මහියංගනය, නාගදීපය ආදී ස්ථානයන්හිද එම පිරිස පින්කම් සිදු කර ඇත.

උදාර පින්කම්හි නිරතවීම පුරුද්දක් කරගෙන ඇති එම පිරිස ඉතා ශ්‍රද්ධාවෙන් මෙවර මිහින්තලේ කප්රුක් පූජා පින්කමෙහි නිරතවන බව අයි. ජයසූරිය මහත්මිය “බුදුසරණට” කීවා ය.