UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන්නමක් අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරේ

ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන්නමක්

අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරේ


ස්ථාපිත කරන ලද ශෛලමය ප්‍රතිමා වහන්සේලා තුන් නමෙන් එක් නමකි.

ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාර සම්ප්‍රදායට අනුව ඉදිකරන ලද ගෙඩිගේ මහා විහාර වංශයට දීර්ඝ ඉතිහාසයක් එකතු කළ මහා විහාර වංශික අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සෙංකඩගල ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යයත් අස්ගිරිය ගෙඩිගේ රාජමහා විහාරයත් අතර චාරිත්‍රානුකූලව පවත්වාගෙන යනු ලබන්නේ ශී‍්‍ර දළදා සමිඳු උදෙසා පවත්වාගෙන යනු ලබන පුද චාරිත්‍ර, වාරිත්‍ර සම්ප්‍රදායයි. පුද සිරිත් විරිත් නිසාම ගෙඩිගේ රාජමහා විහාරය දළදා ගමන් මාළිගාව ලෙසද හඳුන්වනු ලබන්නේ ය.

පුරාවිද්‍යාත්මක බෞද්ධ සංස්කෘතික හා ශාසනික අතින් සම්බුද්ධ ශාසනයේ පැරැණි සිද්ධස්ථාන අතර ශ්‍රේෂ්ඨත්වයෙන් අද සලකණු ලබන අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරය මෑත දශක පහ ඇතුළත බෞද්ධ ජනතාවගේ විශේෂයෙන් තායිලන්ත, බුරුමය,නේපාලය, ඉන්දියාව වැනි රටවල, සැදැහවතුන්ගේ ගෞරවයට පත්ව ඇත්තේ ගෙඩිගේ රාජමහා විහාරාධිකාරි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේගේ ශාසනික කැපවීම නිසාය. අද ගෙඩිගේ රාජමහා විහාර පුදබිමට පැමිණෙන අයට මීට දශක හතරකට පහකට ඉහතදී මෙම පුදබිමේ පැවැති තත්ත්වයක් අද පවතින ශාසනික දියුණුවේ තත්වයත් පැහැදිලි වනු ඇත.

ගෙඩිගේ රාජමහා විහාරයේ ශාසනික හා පුරාවිද්‍යාත්මක වටිනාකම තවත් තහවුරු කරමින් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන්නමක් ස්ථාපිත කර එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම නොබෝදා අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ

ශී‍්‍ර ඤාණරතන මාහිමිපාණන් ගේ සුරතින් සිදු කෙරිණි. වේඬරුවේ උපාලි අනුනායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන්නම ඓතිහාසික චන්ද්‍රවතී බෝධින් වහන්සේ වටා ස්ථාපිත කිරීම තවත් ශාසනික වැදගත් සිද්ධියක් විය. ගම්පොල යුගයේ රාජ්‍යත්වයට පත් දෙවෙනි වික්‍රමබාහු මහරජතුමාගේ මෑණියන් වු චන්ද්‍රවති බිසව සිහිවීම්වස් මෙයට වසර අටසියයකට පමණ ඉහත දී රෝපණය කළ මහනුවර යුගයේ පැරැණිම බෝධින් වහන්සේ වන මෙම බෝධින් වහන්සේට ලිඛිත ඉතිහාසයක් ඇත. මෙම බෝධින් වහන්සේ අබියස මෙම සමාධි ප්‍රතිමා වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසීම මහා පුණ්‍යකර්මයක් ලෙස සැලකිය හැකි ය.

මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකොට ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයට (දළදා ගමන් මාළිගාව) පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මය සිදුකර ඇත්තේ විශ්‍රාමලත් බැංකු නිලධාරි තිස්ස බණ්ඩාරනායක නීතිඥ ශීලා බණ්ඩාරනායක, නාලිනී හේරත් මාලිනී, සමරකෝන් සහ පරලොවසැපැත් සෑම් සමරසේකර මහතාට පින් පිණිස සමරසේකර යන මහත්ම මහත්මීන් විසිනි. ඓතිහාසික බෝධින් වහන්සේ අබියස සකස් කරන ලද දර්ශනීය පහන්ගෙය පරලොවසැපැත් පියාණන්ට පින් පිණිස සෞමා්‍ය, භෂිනි හේරත් මහත්මිය විසින් පුජා කර ඇත.

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]