UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

185. මාලඹේ - ශ්‍රී යසෝදරා මහා විදුහලේ,
12 ශ්‍රේණියේ,
ඒ.ඒ. සචිනි හංසිකා පෙරේරා

186. කුරුවිට - ශ්‍රී මිහිදු දහම් පාසලේ,
6 ශ්‍රේණියේ,
ඩී.ජී. කෝසල රන්දෙනිය

187. තඹුත්තේගම - ශ්‍රී ඥානෝදය මහා පිරිවනේ,
3 ශ්‍රේණියේ,
මහකෙළියේ ඤාණවිමල හිමි.

188. හාතාපුර – එච්.එෆ්.බී. පාසල,
5 ශ්‍රේණියේ,
ඩී.ඩී. දුල්වන්සා මිනාංගි ඇතුගල්පුර

189. වීරකැටිය – රාජපක්ෂ මහ විදුහලේ ,
9 ශ්‍රේණියේ,
ඩබ්.වී. පී. තිසර ප්‍රමල්ෂ

190. මාලඹේ - සිරි සුමනසාර දහම් පාසලේ ,
7 ශ්‍රේණියේ,
ටී. කවිඳු අරෝෂණ

191. කලවාන - ශ්‍රී ධර්මාරාම දහම් පාසලේ ,
4 ශ්‍රේණියේ,
නුවන්දි ආකර්ශා ලියනගේ

192. ගම්පහ – ලයිසියම් ජාත්‍යන්තර පාසලේ
1 ශ්‍රේණියේ,
අහින්සා සත්සරණි එදිරිසිංහ

193. මතුගම – පැලවත්ත මහ විදුහලේ,
5 ශ්‍රේණියේ,
තරුෂි හංසිකා නාගසිංහ

194. මතුගම – පැලවත්ත මහා විදුහලේ,
10 ශ්‍රේණියේ,
නිමල්ක රවිනාත් නාගසිංහ

195. මාලඹේ - ශ්‍රී යසෝදරා මහා විදුහල,
12 ශ්‍රේණිය
ඒ.ඒ. සචිනි හංසිකා පෙරේරා


බෝසත් සිරිතෙන්

බෝසත් සිරිතෙන් අපේ ජීවිතයට ගත හැකි ප්‍රයෝජන බොහෝ ය. ඒ ඇසුරින් පුංචි අපේ ජීවිත සුමගට හැඩගස්වාගත හැකි ය. බෝසත් චරිතය බොහෝ වෙනස් ය. විශේෂතා බොහෝ ය. සංසාරයෙහි බොහෝ කාලයක් මුළුල්ලෙහි හොඳ වැඩ කිරීමේ ප්‍රතිඵල ලෙස ලැබුණු හොඳ විපාකය.

එබැවින් බෝසත් සිරිත ආදර්ශයට ගෙන අපද හොඳ වැඩ කිරීමට, හොඳ ගතිගුණ ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතු ය.

බෝසත් සිදුහත් කුමරා ශිෂ්‍යයෙකු වශයෙන් ගත කරන අවදියේ දී, ඉගෙන ගත යුතු සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉතා දක්ෂ ලෙස, කඩිසරව හා නිසි පරිදි වීර්යයෙන් ඉගෙන ගත්තේ ය. දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ඉගෙනීම ආදී තමා ආරම්භ කොට කරගෙන යන වැඩ කටයුතු අදිටනින් හා නොපසුබැස්මෙන් ඉදිරියට කරගෙන ගිය නිසා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වූහ.


දඹදිව සිව්මහ පුදබිම්

පිරිනිවන් මංචකයේ සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා ශ්‍රද්ධාවන්තයෙකු විසින් දැක සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරක් වදාළ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වෙයි. ඒ උන්වහන්සේ උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, දම්සක් පැවැත් වූ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය යි. බෝසත් උපත සිදුවූ ලුම්බිනිය වර්තමානයේ රුමින්දායි වෙයි. බුදු බව ලැබූ උරුවෙල් දනව්ව බුද්ධගයාව ලෙසත් ඉසිපතනය දම්සක් පැවත් වූ ස්ථානය වන අතර බුදුරදුන් පිරිනිවන් පෑ ස්ථානය වන කුසිනාරාව අද කාසියා නමින් හැඳින්වෙයි.

යූ.එම්. මලිඳු දිල්ශාන්
11 ශ්‍රේණිය
කලුගල මහා විදුහල,
පිටවල.


පුත්ථා වත්ථු මනුස්සානං

නිරිඳු දෙවන පැරකුම්බා
බුදු බව නොපැතූ මතුදා
දරු දන්දෙන වෙන හින්දා
බුදු බව නොපතා කිසිදා

මයුරපද පිරිවෙනෙහි වැඩි ඒ
බුදු පුතෙක් විය සසුන බැබලු
රජුගේ සිත තුළ දහම පතුරා
කළා පූජාවලිය රචනා

අවසන දහම් සිතෙන් ඔපවත්
රජුන් බුදුබව පතා මහසත්
තව පුතුන් සිය දහස් වෙනුවෙන්
ලෙයින් බිහි පුතු දනට දෙනු මේ


පංච ශීලය

පංචශීලය යනු ගිහියන්ගේ නිත්‍යශීලය වේ. පංචශීලය වත්මන් සමාජය හැඩගැස්වීමට උපකාරී වන්නා වූ අත්වැලක් බඳු ය. පංචශීලය ශික්ෂා පද පහකින් යුක්ත වේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම සහ සුරාපානයෙන් වැළකීම යන ශික්ෂාපදයි.

පංචශීලය රැකීමට ජාති, ආගම්, කුල, භේද ආදී කිසිවක් අදාළ නොවේ. බෞද්ධ නො වන අන්‍ය ආගමිකයන්ට පවා තම ජීවිතයට යහපත ළඟා කර ගැනීමට මෙම පංචශීලය බොහෝ වැදගත් වේ. ප්‍රාණඝාතයෙන් වැළකීම පමණක් නොව සියලු සත්ත්වයන්ට හිතෛෂි වීම, සහානුකම්පිත වීම, කරුණා මෛත්‍රිය දැක්වීම ද අවශ්‍ය වේ. එමෙන් ම සොරකමින්, නුදුන් දේ ගැනීමෙන් වැළකීම සමඟම දීමට කැමති වීම ද අවශ්‍ය ය. කාමමිථ්‍යාචාරයෙන් වැළකීමත්, ශිෂ්ට සම්මත පරිදි පවුල් සංස්ථාව තුළ හැසිරීමත් අවශ්‍ය ය.

එබැවින් පංචශීලය රකින්නා සිල්වත් තැනැත්තකු බවට පත්වේ. සිල්වත් තැනැත්තා පවින් වැළකී, අනුන්ගේ ජීවිත ද ආරක්ෂා කරයි, දේපළ ආරක්ෂා කරයි, අනුන්ගේ ජීවිතවලට හා දේපළවලට ගරු කරයි. වැරදි කාමයෙහි නොයෙදේ, අනුන් නොරවටයි. කේළාම් නො කියයි, හිස් වචනයකින් අනුන්ට පීඩා නො කරයි. පි‍්‍රයශීලී වෙයි. මද්‍යසාර භාවිතයෙන් වළකියි. සමාජයේ සෙසු අයට හානි නො කරන, යහපතක්ම කරන බැවින් හෙතෙම සමාජය තුළ බියෙන් සැකයෙන් තොරව සමඟියෙන් සහයෝගයෙන් ජීවත් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර ලබයි. ශිෂ්‍යයකු වශයෙන් අපට ද පංචශීලය රකින සිල්වතුන් වීම තුළින් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර එබඳු අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි ය. “පන්සිල් රකින සමාජයක් බිහි වේවා”


අපේ පන්සල....

අනඳමෙත් සිත සිතිවිලෙන් පින පිරීයයි
සුමංගල හිමි සඳින් පුරවර දිලීයයි
මහාධිකාරම් දායකයෙන් ඉඩකඩ වන්වෙයි
සාංඝික ශ්‍රී සුදම් විය ශ්‍රී නමින් වැජඹෙයි

වෙහෙර වහන්සේ කිරි පාටින් දිලිසෙන්නේ
බෝ මළුවත් ඒ අසලම දිස්වන්නේ
මිහිඳු රහත් සඟමිත් පිළි වැජඹෙන්නේ
දම් ශාලාවෙන් අභිමානය දෙන්නේ

සමාජයේ යහගුණ දම් පෙන්වුමට
වෙරවීරිය දෙනවා හැම සම කොට
සෑම දෙනා හට නිරතුරුවම පිහිට
දොහොත් මුදුන් දී වඳිනෙමු විහාරෙට


අත් මිදෙමු සතර අපායෙන්

නලාගිරිට රා පොවා
ගල මතට ඇතු එවා
මැරී උපදී නිරයේ සදා
බුදුන්ගේ ලේ සෙලවූ නිසා

පෙර පව් කළ පින්
එල දෙයි සිය දහස් ගණනින්
ලබමි ප්‍රතිඵල සියසින්
අත් මිඳෙමු අපි සතර පාපින්

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]