Print this Article


ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් දිවයිනෙන් ම දෙවැනි තැනට

ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් දිවයිනෙන් ම දෙවැනි තැනට

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් 2017 වර්ෂයේ පැවැත්වූ ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයෙන් දිවයිනෙන් ම දෙවැනිස්ථානයට පත්වීමට පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක මූලික පිරිවෙනේ හඟුරන්කෙත විමලරතන හිමි සමත් වී තිබේ.

පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරය, අකුරැස්සේ සියඹලාගොඩ අභිනවාරාමය යන උභය විහාරාධිපති සමස්තලංකා සාමවිනිසුරු සියඹලාගොඩ ජිනරතන හිමියන් ගේ ශිෂ්‍යයෙකු ලෙස 2012 දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විමලරතන හිමියෝ හඟුරන්කෙත පදිංචි මන්තිලක මුදියන්සේලාගේ මද්දුම බණ්ඩා මහතාගේ හා රත්නායක මුදියන්සේලාගේ කරුණාවතී මැණිකේ මහත්මියගේ පුතණුවන් ය.