Print this Article


ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදාවට අයදුම්පත් බාර ගැනේ

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදාවට අයදුම්පත් බාර ගැනේ

ඌරුගමුවේ අස්සජි හිමි

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 33 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය අපේ‍්‍රල් 20,21,22 යන දිනයන් හි දී මාතර කොටුවේගොඩ රන්දූපත ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර මහා විහාරයේ දී පැවැත්වේ. ඊට පෙර සිදු කෙරෙන උපසම්පදා අපේක්ෂක සියලු ම සාමණේරයන් වහන්සේලා සඳහා වූ භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව පැවැත්වෙන්නේ අපේ‍්‍රල් 6,7,8 යන දිනයන් හි දී මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ දී ය. උපසම්පදාව සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2018 මාර්තු 31 වැනිදා ය. අයදුම්පත් එදිනට හෝ ඊට පෙර ලැබෙන සේ ප්‍රධාන ලේඛකාධිකාරි ඕමාරේ කස්සප අනුනාහිමි, ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය, සපුගොඩ , කඹුරුපිටිය යන ලිපිනයට එවිය යුතු වේ. පහත සඳහන් විහාරස්ථානවලින් උපසම්පදාපේක්ෂක අයදුම්පත් ලබාගත හැකිය. උපෝසථාගාර මහා විහාරය,රන්දූපත,කොටුවේගොඩ , මාතර. සිරි රතනජෝති පිරිවෙණ, ඌරාපොළ, තිහගොඩ. සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය,රම්මල වරාපිටිය. ශ්‍රී සුමනාරාමය, කොට්ටවගම, ගාල්ල. රන්කොත්මළු රාජමහා විහාරය, වගේගොඩ, තංගල්ල. ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය, සපුගොඩ, කඹුරුපිටිය. මිහිඳු ආරණ්‍ය සේනාසනය,කුරුන්දන්කුලම,අනුරාධපුරය. අශෝකාරාමය, අනගාරික ධර්මපාල නගරය. මාතර.

ඊට අමතරව සියලු ම පළාත්වල ප්‍රධාන සංඝනායක ද්විතීය සංඝනායක, පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ද්විතීය අධිකරණ සංඝනායක හා දිසාවන් හි ප්‍රධාන සංඝනායක , ද්විතීය සංඝනායක හා ප්‍රධාන අධිකරණ සංඝනායක ද්විතීය අධිකරණ සංඝනායක යන නාහිමිවරුන් ගෙන් ද අයදුම්පත් ලබා ගත හැකි ය.