UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් වැඩෙන බෝධි වන්දනාව 03

පින් වැඩෙන බෝධි වන්දනාව 03

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපිට ඇතිවන බොහෝ කායික, මානසික පීඩාවලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය පිළිබඳව ඉකුත් පසළොස්වක දා සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

දහම් ගුණ මෙනෙහි කරමින් ධර්ම රත්නය වඳිමු

ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,
ඔබ වහන්සේ විසින් මහා කරුණාවෙන් පෙන්වා වදාළ
මුල මැද අග යන සියලු තැන්හි ඉතා යහපත් වන,
පිළිපදින්නා වූ පුද්ගලයින්ට මේ භවයේ දී ම යහපත් වූ ප්‍රතිඵල ගෙන දෙන,
ඒ අනුව ක්‍රියා කරන, ඒ අනුව හැසිරෙන, පුද්ගලයින්ට කල් නො යවා ම විපාක දෙන,
ඒකාන්තයෙන් ම, සත්‍ය වශයෙන් ම විද්‍යමාන වන,
සියලු උත්සාහයෙන් අන් හැම දෙයට ම පළමුවෙන් අවබෝධ කළ යුතු,
සත්පුරුෂයින් විසින් තම තමන්ගේ ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැනගත යුතු,
ඒ නවලෝකෝත්තර ශී‍්‍ර සද්ධර්මයට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා.!
අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට ම අයත් බුදුවරුන් දැන වදාළ,
ධර්ම රත්නයට මම හැම කල්හි වඳිමි. ධර්ම රත්නය හැර අන් පිහිටක් මට නැත.
ධර්ම රත්නය මගේ උතුම් පිහිට වේ,
මේ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගලයක් ම වේවා! යහපතක් ම වේවා!
පය¸ාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් ධර්ම රත්නයට මගේ හිස නමා වඳිමි,
මේ ධර්ම රත්නය කෙරෙහි මා අතින් සිදු වූ වරදක් වී නම් එයට මට සමාව දෙන සේක්වා!
ඒකාන්තයෙන් ම දහම් ගුණ අනන්තයි! දහම් ගුණ විද්‍යමානයි! දහම් ගුණ සත්‍යයයි///
සංසාර දුකින් අත්මිදී නිර්වාණ ශාන්තිය උදෙසා ම ඒ උතුම් වූ ධම්ම රත්නය සරණ යමි///

සඟ ගුණ මෙනෙහි කරමින් සංඝ රත්නය වඳිමු

භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,
ඔබ වහන්සේගේ ශ්‍රාවක වූ ඒ ආර්ය මහා සංඝරත්නය,
මනා වූ ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලින් යුතුව,
සෘජු පිළිවෙතින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරමින්,
සසර දුකින් මිදීමේ පිළිවෙතින් යුතුව නිර්වාණගාමි ප්‍රතිපදා මාර්ගයට පිවිසි
ලෝකයාගේ ගෞරව උපස්ථාන ලැබීමට සුදුසු වූ,
ඉතා දුර සිට වුව ද ගෙනැවිත් පිළිගන්වන සිව්පසය පිළි ගැනීමට සුදුසු වූ,
ආගන්තුක සත්කාර යේ දී සියල්ලට ම පළමු ව සියලු සත්කාරයන් පිළිගැන්වීමට සුදුසු වූ,
මෙලොව පරලොව සැප පතා පිදිය යුතු සියලු දානයන්, සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ,
සියලු දෙවි මිනිසුන්ගේ දොහොත් මුදුන් තබා කරන නමස්කාරය පිළිගැනීමට අතිශයින්ම සුදුසු වූ,
සියලු ලෝකවාසී දෙව් මිනිසුන් ගේ උතුම් පින්කෙත වන,
ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!
අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට ම
අයත් ආර්ය මහා සංඝරත්නයට මම හැම කල්හි ම වඳිමි
මට සංඝරත්නය හැර අන් පිහිටක් නැත. සංඝ රත්නය මගේ උතුම් පිහිට වේ,
ඒ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගලයක් ම වේවා. යහපතක් ම වේවා
ඒ සංඝ රත්නය කෙරෙහි මා අතින් සිදු වූ වරදක් වී නම් එයට මට සමාව දෙන සේක්වා!
ඒකාන්තයෙන් ම සඟ ගුණ අනන්ත යි. සඟ ගුණ විද්‍යමාන යි. සඟ ගුªණ සත්‍යය යි///
සංසාර දුකෙන් අත් මිදී නිර්වාණ ශාන්තිය උදෙසා ම ඒ උතුම් වූ සංඝ රත්නය සරණ යමි///

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]