UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පනස් පස්වැනි වියට පා තැබූ අල්කේගම විමල හිමි

පනස් පස්වැනි වියට පා තැබූ අල්කේගම විමල හිමි

ගබ්බල ශ්‍රී බෝධිවනාරාම පුරාණ විහාරය, කටුපිටිය ටැම්පිට පුරාණ විහාරය, නැළව පුරාණ විහාරය යන විහාරත්‍රයාධිපති,කුරුණෑගල විශුද්ධායන විද්‍යායතන පරිවේණාධිපති ශාස්ත්‍රපති අල්කේගම විමල හිමිපාණන් වහන්සේ පනස් පස්වැනි වියට පා තැබූහ.

1963 ජනවාරි මස 18 වෙනි දින මාවනැල්ල අල්කේගම නම් වූ ගම් පියසෙහි ජන්මලාභය ලැබුහ. අපවත්වී වදාළ වල්පොලේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ සහ බෝයගොඩ සෝභිත හිමිපාණන් වහන්සේ ආචාර්යන් වහන්සේලා වශයෙන් උතුම් ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වු විමල හාමුදුරුවන් වහන්සේ මලියදේව විද්‍යාරක්ෂක මහ පිරිවෙනට ඇතුලත්ව මූලික උගත මනා ධර්ම ඤාණය ලැබූහ.

අනතුරුව පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය මහ පිරිවෙන හා පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද මහ පිරිවෙන ඇසුරෙන් උසස් අධ්‍යාපනය ලබා මයිලෑවේ ශ්‍රී නිවාස , රඹුක්වැල්ලේ පඤ්ඤාසාර යන නා හිමිවරුන් ඇසුරෙන් සිය වියත් බව වර්ධනය කර ගත්හ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේ දී උපාධිය ද ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය ද ලබා ගැනීමට සමත් වූහ.

1984 දී ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් උපසම්පදාව ලබා ගැනීමේ දී වල්පොලේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ සහ බෝයගොඩ සෝභිත හිමිපාණන් වහන්සේ ආචාර්යවරුන් වූහ.

2002 දී කුරුණෑගල විසුද්ධායන විද්‍යායතන මහ පිරිවෙනේ පරිවේනාචාර්ය උප ගුරුවරයෙකු ලෙසින් රාජ්‍ය සේවයට එක්වූ උන්වහන්සේ එහි කෘත්‍යාධිකාරි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රසාදය කරණකොටගෙන පරිවේණාධිපති ධුරයට පත් වූහ.

කුරුණෑගල විසුද්ධායන විද්‍යායතන පිරිවෙන වයඹ පළාතේ කීර්තිමත් විද්‍යාස්ථානයක් බවට පත් කළේය. උන්වහන්සේගේ පනස්පස් විය නිමිති කොට ගබ්බල ශ්‍රී බෝධිවනාරාම විහාරස්ථානයේ දි ආශීර්වාද පින්කම් මාලාවක් පැවැත්විණි.

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]