UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ නිර්මාණ තරගයේ ප්‍රතිඵල

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, කාණ්ඩ තුනක් යටතේ ඔබ වෙනුවෙන් පුරා මාස දෙකක් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්විණි. බොහෝ දරුවන් අපට හරබර, නිර්මාණාත්මක නිර්මාණ එවා තිබුණි. එම කාණ්ඩ තුන යටතේ තෝරා ගත් තෙවන ජයග්‍රාහක දරුවන්ගේ නම් සහ නිර්මාණ අද දින පළ කෙරේ. ජයග්‍රාහකයන්ට අදාළ ත්‍යාග ඉදිරියේ දී ලැබීමට සලස්වමු. මෙතැන් සිට කැමැති මාතෘකාවක් යටතේ ‘සදහම් අරණට’ ඔබගේ නිර්මාණ එවිය හැකි ය.


5-8 කාණ්ඩයේ තෙවන ස්ථානය:

පන්සිල් සුරැකීමේ අනුසස්

“මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා”

“සෑම ක්‍රියාවකටම මූලික වන්නේ මනස යි. ශ්‍රේෂ්ඨ වන්නේ මනස යි” ධම්ම පදයේ සඳහන් ය. මනස යහපත් ව පිරිසුදු ව තබා ගැනීමට සෑම සත්වයෙක් ම උත්සුක විය යුතු ය. පංචසීලය මෙයට නිදසුනක් ය. බෞද්ධයකුගේ නිත්‍ය සීලය පංචසීලය බව බුදුරජාණන් වහන්සේ වදාළහ.

පරපණ නැසීම අද ලෝකයේ බහුල වී ඇත. එනිසා එහි ආදීනව දැනගෙන අප වඩ වඩාත් අභය දානයට සිත නැඹුරු කළ යුතු ය. අන්සතු දේ සොර සිතින් නො ගැනීම දෙවැනි සිල්පදය නමුත් අද සමාජයේ සමහර දෙනා මේ සිල්පදය බොහෝ සේ කඩ කරයි. කාමයේ වරදවා හැසිරීම තුළින් පවුල් සංස්ථාව බිඳ වැටෙයි.

සිව්වැන්න ලෙස මිනිස් සබඳතා විනාශ කරන භාෂාමය ක්‍රියාවලියක් ලෙස මුසාවාදය දැක්විය හැකි ය. මනස අවුල් වීමට අපායගාමී වීමට පස්වැනි සිල්පදය කඩ කරන්නන්ට සිදු වේ.

බුදුරජාණන් වහන්සේ පෙර ආත්මවල පන්සිල් සුරැකීමෙන් ලබාගත් අනුසස්් පිළිබඳව පන්සිය පනස් ජාතක පොතේ මනාව සඳහන් වේ. වටුකුරුලු ආත්මයේ දී ලැව්ගින්න එනවිට කළ සත්‍ය ක්‍රියාව, මත්ස්‍යයෙක් වී ඉපිද ඒ විලේ නියඟය නිසා ජලය අඩුවෙමින් තිබෙන විට තම පරිවාරය මේ විපතින් මුක්ත කිරීමට බෝසත් මත්ස්‍ය තෙමේ අහස් කුස දෙස බලා තමා කිසිදා පන්සිල් ඛණ්ඩණය කර නැති බවත් ඒ සත්‍යානුභාවයෙන් වර්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කළහ. ඉන්පසු අහස ගුගුරා අඳුරු වී වැහිවළා බර වී වර්ෂාව පතිත විය. මේ වගේ තවත් කතා රාශියක් ජාතක කතා පොතේ සඳහන්ව ඇත.

පන්සිල් ආරක්ෂා කරන සමාජයක් දැහැමි සමාජයක් බවට පත් වේ. එවැනි සමාජයකින් මානව වර්ගයාට සේවයක් මිස අහිතක් සිදු නොවේ. සමස්ත සමාජයටම එසේ ක්‍රියාත්මක වීමේ දී සමාජ ස්වයං පාලනයක් තුළින් දැහැමි සමාජයක් ගොඩනැඟෙනු ඇත.


9-13 කාණ්ඩයේ තෙවන ස්ථානය:

බුදු දහමයි – පරිසරයයි

බුදු දහම පරිසරය හා බැඳුණු දහමකි. සිදුහත් කුමරුගේ ඉපදීම, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන්පෑම ද, සිදු වූයේ පරිසරය ආශි‍්‍රතව ය. බුදුරජාණන් වහන්සේ සෑම විට ම පරිසරය ඇසුරෙහි වැඩ සිටි සේක. ඒ බව පැරැණි ග්‍රන්ථ මූලාශ්‍ර මඟින් හමුවේ. මංගල ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලද්දේ බරණැස ඉසිපතන මිගදායේ දී ය. ලෙහෙණුන්ට අභය දානයක් වූ කලන්දක නිවාප නම් අභය භූමියේ දී තේවිජ්ජ සූත්‍රය දේශනා කිරීම, බමුණු ගමක් අසල නිසල සුන්දර වනයක අම්බට්ඨ නම් තරුණයෙකුට අම්බට්ඨ සූත්‍රය දේශනා කිරීම ද මේ බවට මනා නිදසුන් ය.

බුදු දහමෙහි සඳහන් වන පරිදි සෑම විටම පරිසරයට මෙන්ම පරිසරයේ වෙසෙන සතා සිව්පාවට පවා කරුණාව, මෛත්‍රිය දැක්විය යුතු ය. තවද බුදුරජාණන් වහන්සේ අංගුලිමාල දමනය කළේ මෛත්‍රියෙනි, නාලාගිරි නම් ඇතා දමනය කළේ ද කරුණාවෙන් හා මෛත්‍රියෙනි. ඒ වගේම බුද්ධත්වය ලැබීමෙන් පසු කළගුණ සැලකීමක් ලෙස පළමු ගුරුවරුන් දෙදෙනා වූ උද්දකරාමපුත්ත තවුසාට සහ ආලාරකාලාම තවුසාට තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට සිතූ අවස්ථාවේ දී ඔවුන් මිය ගොස් ඇති බව දැනුවත් වී සතියක් ඇසිපිය නොහෙළා අනිමිස ලෝචන පූජාව සිදු කළහ. එයින් ද පෙනී යනුයේ බුදුරජාණන් වහන්සේ ගේ මහත් වූ කළගුණ සැලකීමේ ගුණයයි. මේ සෑම අවස්ථාවක දී ම බුදුරජාණන් වහන්සේ පරිසරය හා බැඳුණු බව මනාව පෙනී යයි. බුදුදහම හා බැඳුණු පරිසරය කුඩා කළ සිට ම අප සුරක්ෂා කළ යුතු ය.


1-4 කාණ්ඩයේ තෙවන ස්ථානය:

රාහුල පොඩි හාමුදුරුවෝ

රාහුල පොඩි හාමුදුරුවෝ අලුයම අවදි වී මල් ආසන පිරිසුදු කරනවා. දෙවනුව බෝ මළුව අමදිනවා. දිනපතා ම බෝ මළුව ඇමද වැලි දෝතක් උඩට දමා ‘මේ වැලි කැට ගණනට මට අද දවසේ අවවාද ලැබේවා’ යි කියා ප්‍රාර්ථනා කරනවා.

එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ වඩින විට සිවුරු පොට බිම ගෑවෙනවා, රාහුල පොඩි හාමුදුරුවෝ දුටුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතගොස් ඔබ වහන්සේගේ සිවුරු පොට බිම ගෑවෙනවා.” යැයි වදාළා. සැරියුත් මහරහතන් වහන්සේ සිවුරු පොට නිසි ලෙස සකසාගෙන රාහුල හිමියන්ගෙන් ‘දැන් හරිද?’ කියා ඇසුවා. රාහුල පොඩි හාමුදුරුවෝ වදාළා. ස්වාමීනි’ දැන් හරි’ කියා. අපිත් රාහුල පොඩි හාමුදුරුවෝ මෙන් වැඩිහිටියන්ගේ අවවාද පිළිපදිමු. වැඩිහිටියන් ට ගෞරව කරමු. ආදරය දක්වමු.


මල්ලියි මමයි බුදුන් වඳිනවා


අහින්සා තත්සරණී එදිරිසිංහ
1 ශ්‍රේණිය,
ලයිසියම් ජාත්‍යන්තර පාසල, ගම්පහ.

අපේ ගෙදර


වගීෂ දුලංගන දිසානායක
4 ශ්‍රේණිය,
සිරි සීලරතන දහම් පාසල, උලපනේ

මිහිඳු හිමියන් ලංකාවට වැඩම කිරීම

සෙතුන් සන්සන ජයසුන්දර
1 ශ්‍රේණිය
ශ්‍රී ගුණානන්ද දහම් පාසල, පොල්ගහවෙල.

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]