Print this Article


නාවලපිටිය යටපාන ශ්‍රී ජිනේන්දාරාමය

නාවලපිටිය යටපාන ශ්‍රී ජිනේන්දාරාමය


බෝධි ප්‍රාකාරය

දෙමහල් ධර්ම ශාලාව

නාවලපිටිය යටපාන ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී ජිනේන්දාරාමය දන මන පිනවන මහා පුණ්‍ය භූමියකි 1967 මොරගොල්ලේ ජිනරතන හිමියන් නාවලපිටිය සරණජෝති හිමියන් සමඟ මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත. දැනට වසර 50 ක් සපිරෙන මෙම විහාරස්ථානය යටපාන තිරඹරාම, මාරකන්ද, ඇල්ලේගොඩ අවට ගම්මානවල ජනතාවට ඇති එකම පුණ්‍ය භූමිය යි.


විහාරාධිපති
නාවලපිටිය සරණජෝති හිමි

1967 සිට 2002 දක්වා විහාරාධිපතිව වැඩ සිටි මොරගොල්ල ජිනරතන හිමියන් මෙම විහාරස්ථානය කුඩාවට පවත්වාගෙන යන ලදී. 2002 දී වත්මන් විහාරාධිපති නාවලපිටිය සරණජෝති හිමි පත්වීමත් සමග වසර 15 ක් තුළ දෙමහල් සංඝාවාසය, දෙමහල් දාන ශාලාව, දෙමහල් ධර්ම මන්දිරය, ඇත්පවුර සහිත බැම්ම, බෝධි ප්‍රාකාරය සංවර්ධනය කර සැදැහැවතුන්ගේ ආධාර හා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පීඨය ගුරු පුහුණු ආයතනය ආධාර ඇතිව සංවර්ධනය කරන ලදී.

අද වන විට දරු දැරියන් 150 ක් පමණ ඉගෙනුම ලබන ශ්‍රී ජිනරතන දහම් පාසල එහි පවත්වාගෙන යති. ඊට අමතරව සරණ ළමා සමාජය, සංඝමිත්තා කුළඟන සමිතිය, සුබ සාධක සමිතිය, යොවුන් සමාජ පවත්වාගෙන යමින් අවට ගම්වාසීන්ගේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන් යහමඟට ගැනීමට පියවර ගෙන ඇත. දැනට කිරිබත්ගොඩ සද්ධාතිස්ස හිමි, කුරුණෑගල සංඝරක්ඛිත හිමි, පැල්ලපිටිය සචිත්ථ හිමි විහාරස්ථානයේ වැඩ සිටින අතර විහාරස්ථානය සියලුදෙනාට ම ආලෝකයකි.