Print this Article


ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ජන්ම සමරුව දා ගිලන් භික්ෂු ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ජන්ම සමරුව දා

ගිලන් භික්ෂු ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කෙරේ

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ 38 වන ජන්ම දිනය මෙම මස 21 වනදාට යෙදීම නිමිත්තෙන් හොරණ ශීල සුව අරණ ගිලන් භික්ෂු ප්‍රතිකාර කටයුතු උදෙසා නව ගිලන් ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කිරීම එදින පෙරවරු 8.30 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.

එදින උදෑසන 10 ට එහිදී ධර්ම දේශනය ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් පවත්වනු ලබන අතර 11 ට රෝද පුටු පිරිනැමීමේ පින්කම ද, දිළිඳු පවුල් රැසක ට ආහාර පාර්සල් බෙදාදීමේ පින්කම ද, දවස පුරා ලේ දන්දීමේ පින්කමක් ද පැවැත්වේ.