Print this Article


නැගෙනහිර බොදු උරුමය රකින්න විශේෂ අරමුදලක් අරඹයි

නැගෙනහිර බොදු උරුමය රකින්න විශේෂ අරමුදලක් අරඹයි

නැගෙනහිර පළාතේ බොදු උරුමය ආරක්ෂා කිරීමේ අරමුණින් නැගෙනහිර බොදු උරුමය සුරැකීමේ අරමුදල නමින් විශේෂ අරමුදලක් පිහිටුවූ බව නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරම නා හිමියෝ සඳහන් කරති.

සේරුවාවිල සංඝ සභාවේ මූලිකත්වයෙන් ඇරඹි එම අරමුදලෙහි සභාපතිත්වය දරන්නේ ද මෙත්තාරාම හිමියන් විසිනි.

නැගෙනහිර පළාතේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන මෙන් ම අනෙකුත් විහාරස්ථාන සංවර්ධනය කිරීම එම අරමුදල මගින් සිදුකරන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහාය දක්වන බව ද ජනතාව අපේ බොදු උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම ද මේ අරමුදල මගින් සිදුකිරීමට බලාපොරොත්තුවන බව ද සඳහන් කළ මෙත්තාරම හිමියෝ සේරුනුවර මහජන බැංකු ශාඛාවේ අංක 233200120039391 ගිණුමට පරිත්‍යාගශීලින්ගේ ආධාර ලබාදෙන ලෙස ද විශේෂ ඉල්ලීමක් කළහ.