Print this Article


පිරිත් දේශනාව: පිරිතෙන් ලැබෙන අනුසස්

පිරිතෙන් ලැබෙන අනුසස්

පිරිත් දේශනාවන්ගෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විමසා බැලීමේ දී මිළින්ද ප්‍රශ්නය නම් කෘතියෙහි ඇතුළත් මිළින්ද රජතුමා හා නාගසේන හිමියන් අතර ඇතිවූ දෙබස ඉතා ප්‍රයෝජනවත් වේ. මිළින්ද රජතුමා නාගසේන හිමියන්ගෙන්,

අහසෙහි හෝ, සමුද්‍රයෙහි හෝ, පර්වතයක් තුළ හෝ මරණයෙන් ගැලවී සිටීමට ස්ථානයක් නොමැති බව බුදුරදුන් දේශනා කර ඇත. එහෙත් පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමෙන් පුද්ගලයාගේ ආයුෂ වැඩි වන්නේ හෝ රෝග සමනය වන්නේ යැයි ප්‍රකාශ කරන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළේ ය.

ඒ වෙලාවේ දී නාගසේන හිමියන් උදාහරණයකින් පැහැදිලි කරන්නේ මහරජතුමනි, යම් සේ වියළී ගියා වූ තෙත සිඳී ගියා වූ ජීවිතේන්ද්‍රිය වැළකුනා වූ මළා වූ වෘක්ෂයකට කළ සියයකින් ජලය වත්කළත් තෙත බවක් හෝ පත්‍රවල අලුත් බවක් හෝ නොවන්නේ ය. එමෙන් ම පිරිත් කිරීමෙන් ද ඇතමෙකුට ප්‍රතිඵල අත්නොවන්නේ ය. රජතුමනි, මුළු පෘථිවියෙහි ම යම් ඖෂධ ,බෙහෙත් වර්ග ඇත් ද එම සියලුම බෙහෙත්වලින් ප්‍රතිකාර කළ ද, ඇතමෙකුගේ ජීවිත සුරැකෙන්නේ නැත.

මිළින්ද රජතුමා නාගසේන හිමියන්ට ප්‍රකාශ කරන්නේ ආයුෂ අවසන් කෙනාට පිරිත් කීමෙන් ජීවත් වීමේ අවස්ථාව වැඩි නොවන්නේ නම්, ආයුෂ ඇතිකෙනාට ජීවත්වීමට අවස්ථාව තවදුරටත් තිබෙන නිසා පිරිත් කීම ප්‍රයෝජන රහිත ක්‍රියාවක් බවයි. රජතුමනි, කිසියම් ගොවිතැනකින් අස්වනු නෙළා ගැනීමට නම් එම ගොවිතැනට සුදුසු අවස්ථාවෙහි දී ජලය ලබා දීම් ආදි කාර්යයන් ඉටු කළ යුතු ය. ගොවිතැනට සුදුසු අවස්ථාවේ දී ජලය ලබා නොදුන හොත් ගොවිතැන නිසරු වෙනවා පමණක් නොව වියළී විනාශයට ද පත් වේ. නමුත් ජලය ලබාදුනහොත් ගොවිතැන සරු තත්ත්වයට පත් වේ. එමෙන් ම ආයුෂ කොපමණ තිබුණත් යමෙකුට අවශ්‍ය වෙලාවේ දී බෙහෙත් ප්‍රතිකාර කරන්නේ නැත්නම්, පිරිත් ධර්මයෙන් අවශ්‍ය ආශිර්වාදය ලබාදෙන්නේ නැත්නම් කායිකව හා මානසිකව සුවසේ යහපත්ව ජීවත් වීමට නොහැකි වේ. ඒ නිසා පිරිත් දේශනා කිරීම නිරර්ථක යැයි පැවසිය නොහැකි බවයි.

එක් රාක්ෂයෙක් සිටියේ ය. හේ මනා වූ රූපශ්‍රී ඇති තරුණ කුමාරිකාවක් අල්ලා ගෙන භාර්යාව කොට ගත්තේ ය. ඇය ආරක්ෂා කරමින් කරඬුවක ලා ගිල, කුසෙහි දමාගෙන ඇවිදින්නේ ය. ද. ඔහු ද විලට බැස නා ගොඩට පැමිණ කරඬුව ගිල බඩලා ගෙන දිවැස් ඇති තාපසයෙකුට ගොස් වැන්දේ ය. විල් තෙර දී කුමාරිකාව අහසින් යන විද්‍යාධරයකු දැක අත වනා ගෙන්වා ගෙන කරඬුවට වැඳ පිළි පෙරවාගෙන උන්හ. එකල රාක්ෂයාගේ මුඛයෙන් කරඬුව සමඟ කුසට ඇතුලු විය. ඔවුන් දුටු තාපසතුමා නුඹලා තුන්දෙනා කොහේ යන්නේ දැ යි විචාළේ ය. තාපසතුමා උන්මත්තකව දොඩවන්නේ යැයි දානව රාක්ෂයා සිතුවේ ය. නුඹ කුසෙහි කරඬුවක් ඇත. එම කරඬුවේ කාන්තාවක් හා විද්‍යාධරයෙකු වසන්නේ යැයි කීහ. නුඹේ ආරක්ෂාවට යමක් කර ගන්නැයි පැවසුවේ ය. විද්‍යාධරයා තමාගේ බඩ කඩුවෙන් කපතැයි බිය වූ යක්ෂයා කරඬුව වමනය කොට කරඬුවෙහි වායුෂ්‍යපුත්‍ර විද්‍යාධරයා හා තම බිරිඳ හා සිටිනු දුටුවේ ය. මරණ බයෙන් බියපත් වූ රාක්ෂයා ස්ත්‍රිය මිනිස් වාසයට යවා සැපසේ ජීවත් විය. මහරජ ඔබ විසින් මේ කතාව අසා ඇත්දැයි විචාළේ ය. අසා ඇතැයි විද්‍යාධර තෙමේ තමන් උගත් මන්ත්‍ර බලයෙන් ග්‍රහණයෙන් මිදුණේ ය. මෙසේ ඔහුට ග්‍රහණයෙන් මිදීමට අවස්ථාව සැලසුණේ ඔහු උගත් මන්ත්‍රයෙන් ලබාගත් සහය හේතුකොටගෙන ය. අනතුරුව මිළින්ද රජතුමා නාගසේන හිමියන්ගෙන් විමසන්නේ සියලු දෙනාටම පිරිතෙන් ආරක්ෂා වීමට පුළුවන්ද යනුවෙනි. නාගසේන හිමියන් උත්තර දෙන්නේ මහරජතුමනි, ඇතැම් කෙනෙක් ආරක්ෂා කරන්නේ ය. ඇතැම් කෙනෙක් ආරක්ෂා නොකරන්නේ ය. නැවත මිළින්ද රජතුමා විමසන්නේ සියල්ලන්ටම සාධාරණව පිරිතෙන් ආරක්ෂාව නොවන්නේ නේද යනුවෙනි. නාගසේන හිමියන් උත්තර දෙන්නේ මහරජතුමනි, භෝජනය සියලු දෙනාගේ ම ජීවිත ආරක්ෂා කරන්නේ ද යනුවෙනි. රජතුමා සමහර කෙනෙකුගේ ජීවිත ආරක්ෂා කරන බවත්, සමහර කෙනෙකුගේ ජීවිත ආරක්ෂා නොකරන බවත් පැවසී ය. නාගසේන හිමියන් රජතුමාගෙන් විමසන්නේ එසේ වන්නේ කුමක් නිසා ද යනුවෙනි. රජතුමා පිළිතුරු දෙන්නේ බොහෝ අනුභව කොට අජීර්ණව අතීසාරයෙන් පෙළෙන්නකුට ජීවිතය අහිමි වේ. එමෙන් ම බොහෝ කොට කෑමෙන්, භෝජනය ජීවිත නසන්නේය යනුවෙනි.

නාගසේන හිමියන් පවසන්නේ රජතුමනි, එමෙන් ම පිරිතෙන් ජීවිතය ආරක්ෂා කර ගත නොහැකි කාණ්ඩ තුනක් සිටී. එනම් නියත අකුසල කර්මයක් පල දීමට ඇති කෙනා, රාගාධි වූ ක්ලේශ්වරණයෙන් යුක්ත කෙනා සහ ආයුෂ ගෙවී අවසන් වූ මරණාසන්න පුද්ගලයා ය.

ඉහත දක්වා ඇති අයට පිරිතෙන් ආශිර්වාද ලැබිය නොහැකි ය.