Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට නව නිලධාරීහු පත්වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට නව නිලධාරීහු පත්වෙති

ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි

ආචාර්ය මාදම්පාගම අස්සජිතිස්ස නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වු ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ පාර්ශ්ව 22 කින් සමන්විත නියෝජිත මහා සංඝ සභා රැස්වීමේ දී ඉදිරි පස් වසර සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලදහ.

ප්‍රධාන සභාපති ලෙස හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි අමරපුර චූලගණ්ඨි නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද, උප සභාපතිවරුන් ලෙස නුවරඑළියේ චන්ද්‍රජෝති උඩරට අමරපුර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අහුන්ගල්ලේ සීල විශුද්ධි අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද පත්වූහ.

මහා ලේඛකාධිකාරි ලෙස ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර අමරපුර වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ ද නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි ලෙස ආචාර්ය මාදම්පාගම අස්සජිතිස්ස අමරපුර අඹගහපිටි පාර්ශ්වයේ සම ලේඛකාධිකාරි නා හිමිපාණන් වහන්සේ ද තෝරා පත් කර ගත්හ.

සහකාර ලේඛකාධිකාරින් ලෙස ශාස්ත්‍රපති බලපිටියේ සිරි සීවලී, ශාස්ත්‍රපති දොඩම්පහළ සිරි සුගුන , ශාස්ත්‍රපති බැරගම විමලබුද්ධි යන නා හිමිපාණන් වහන්සේලා පත්වූහ.