Print this Article


තල්පිටියේ චන්දරතන නා හිමි ජන්ම සැමරුමට පින්කම්

තල්පිටියේ චන්දරතන නා හිමි ජන්ම සැමරුමට පින්කම්

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති පානදුර තොටමුණ බද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නා හිමියන්ගේ 58 වන ජන්ම දිනය පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් විහාරස්ථානයේ සමිති සමාගම් සහ ප්‍රදේශයේ දායක දායිකාවන් විසින් එදින දවස පුරා පින්කම් රැසක් සිදුකිරීමට නියමිත අතර පස්වරු 7 ට විශේෂ ධර්ම දේශනාවක්, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් විසින් පවත්වනු ලබයි.