Print this Article


සේරුවිල පුදබිමේ දී ශ්‍රීමත් ලලාට ධාතු මහ සෑ වන්දනාව

සේරුවිල පුදබිමේ දී ශ්‍රීමත් ලලාට ධාතු මහ සෑ වන්දනාව

ඓතිහාසික සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස පෙබරවාරි මස 03, 04, 05 යන තෙදින තුළ ස්තූප වන්දනා පූජෝත්සවයක් පැවැත්වීමට රුවන්වැල්ල දම්සක් විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක ගම්පහ මහානාම හිමියන් ප්‍රධාන දායක පින්වතුන්ගේ සංවිධානයෙන් සිදු කිරීමට විධි විධාන යොදා ඇත. සේරුවිල මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සේරුවිල පුදබිමේ දී සිදු කෙරෙන ලලාට ධාතු මහ සෑ වන්දනාව යටතේ 3 වෙනි දින මංගල මහා සෑමලුව සුවඳ පැනින් දෝවනය කර, සෑමලුව පිච්ච, නෙලුම්, අරලිය, දාස් මලින් සරසනු ඇත. ඖෂධ ගිලන්පස පූජා, කිරි පිඬු දානය, දෙතිස් ව්‍යාංජන සම්බුද්ධ පූජා ඇතුලු පුද පූජාවන්ට අමතරව මංගල මහා සෑය ෂඩ් වර්ණයෙන් යුත් විදුලි බුබුළෙන් ආලෝකමත් කරනු ඇත.සැදැහැවතුන්ට බත් දන්සැලක් 05 වෙනි දින පැවැත්වෙන බවද කියයි.