Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පසළොස්වක පෝදා (31) සවස මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලබන්නේ පියනන්ද සමාජ සේවා පදනම මගිනි.

වැල්ලවත්ත ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති පියනන්ද සමාජසේවා පදනමේ පන්නිපිටිය වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ කිරිවැල්දොල පියනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කැලණිය හේමමාලි ආරාමාධිපතිනී, සඟමිත්තා කළගුණ සළකමු පදනමේ අනුශාසිකා කැලණියේ සුමංගලා ධර්ම ශ්‍රී හේමමාලි මෙහෙණිය සහ චන්ද්‍රදාස ආබ්‍රෙව් මහතාගේ ද දායකත්වයෙන් වැල්ලවත්ත කාන්ත ජයසිංහ මහතාගේ ප්‍රධාන සංවිධානයෙනි. සුදත් රෝහණ, තිලක් රෝහණ, දිනෙත්, සුමනදාස, රුවන් ධනුෂ්ක, භද්‍රා මෑණියෝ, විජේසිරි ඇතුළු ගොනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සංඝමිත්තා පිළිරුවක් පූජා කිරීමේ වැඩසටහනක්ද කප්රුක් පුජා කිරීමේ පින්කම් මාලාවට ඇතුළත් වේ.