Print this Article


අසිරිමත් දාගැබ

අසිරිමත් දාගැබ

සමන් දෙවිඳුන් බුදුරදුන්ගෙන් අයදි තම හට පුද කරන්නට
යමක් ලදහොත් වඩා යෙහෙකැයි බුහුමනින් ගරු සරු දෙවන්නට
සිරස පිරිමැද දා මිටක් කෙහෙ මුනිඳු දුන් සඳ දෙවිදු සුරතට
බුදු පහස ලැබු තැන්හි දාගැබ ඉදිවුණේ සත් රියන් ඉහළට

සරභු නම් මහ තෙරණු කෙනෙකුන් බුදුන් ගී‍්‍රවා දා නිදන් කොට
දොළොස් රියනක් උසට කරවා මහත් හරසර පැවැත්වෙන විට
චූල අභයැයි නමැති රජිඳුන් සෑය කරවා තිස් රියන් කොට
අසූ රියනක් වන ලෙසින් දුටු ගැමුණු මහ රජ කළේ මොනවට