Print this Article


පූජනීය වූ ගුරු සිසු හමුව

පූජනීය වූ ගුරු සිසු හමුව

වෑත්තෑවේ හිමියන් විසින් විරචිත ගුත්තිල කාව්‍ය සිංහල කාව්‍යාවලියේ මුදුන්මල්කඩක් ලෙස බොහෝ පාඨක සිත් සතන්තුළ චින්තාකර්ෂණයට පාත්‍ර වූ සම්භාව්‍ය ගණයට අයත් වූ සිංහල පද්‍ය කාව්‍යයකි. ගුරු සිසු ගැටුමක් විවරණය කෙරෙන එය පාඨක ජනතාවගේ වින්දනය මෙන්ම ජීවන දෘෂ්ටියක් ද පිළිබිඹු කෙරේ. ගුත්තිල කාව්‍ය සඳහා සූත්‍ර පිටකයෙහි ඛුද්ධක නිකායෙහි ජාතක දේශනාවේ අන්තර්ගතවන ගුත්තිල ජාතකය මූලාශ්‍ර කොටගෙන ඇත. අප තිලෝගුරු අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ මූලික කරගෙන මෙම ජාතක කතාව දේශනා කොට වදාළ සේක.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරමින් බෝධිසත්ත්වයන් වහන්සේ ලෙස සංසාර චාරිකාෙවි ගමන් කරමින් සිටි එක් ආත්මභාවයක ගුත්තිල නමින් ගාන්ධර්වයෙකුව ඉපිද රජතුමාට සේවය කර ඇත. සංසාර ගමනේ එකට පැමිණි දේවදත්තයන්ද, එම භවයෙහි ම මූසිලව ඉපිද, ගාන්ධර්වයෙකුව වාසය කළ අතර ගුත්තිල ඇදුරුතුමා පිළිබඳ තතු දැන වීණා ශිල්පය ඉගෙනීෙමි අධිෂ්ඨානයෙන් ඔහු වෙත එළඹ ඇත.

අනතුරුව රාජ සභාවෙහි සේවයට සම්බන්ධවීමට යාෙමි දී සම වැටුප් ඉල්ලා සිටීමෙන් රජු ඔහුගේ දක්ෂතා මැන බැලිය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් වීණා වාදනයට යොමු කෙරිණි. සක් දෙවිඳුගේ උපදෙසින් බෝසතාණන් වහන්සේ මූසිල පරදවා ජයගත් අතර මූසිල පරාජිතව ජීවිතක්ෂයට පත් විය. ශක්‍රයෝ බෝසතුනට දෙව්ලොවට වඩින්නට වෛජයන්ත රථ එවූහ. දෙවඟනන්ගේ සිරි නරඹා වීණා වාදනය කොට දෙවඟනන් වූයේ කවර පිනකින් දැයි අසා ඒ සියල්ල මනුෂ්‍ය ලෝකයට පැමිණ පින්කම් කිරිමේ ආනිශංස පළ කළේය. එම කතා පුවත වෑත්තෑවේ හිමියන් සුවහසක් රසවතුන්ගේ හද පුබුදුවන ආකාරයෙන් සර්වකාලීනව පාඨක ජනයාට මහත් උපදේශයක් ලබාගත හැකි ආකාරයට ගුරු මුෂ්ටියක් නොතබා ම ශිල්ප ඉගැන්වූ අයුරු පැහැදිලි කර ඇත. ඒ තුළින් වර්තමානයට මහත් ආදර්ශයක් ගත හැකි ය.

“වඳිමි මුනි උතුමන් තිලෝගුරු”

යනුවෙන් බුද්ධ වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට කරුණු හතරකින් පළ කර ඇත. පෙර පුණ්‍ය මහිමය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , සියලු කෙලෙසුන් දුරු කළ බව, තුන් ලොවට ගුරු වූ බවද,” වඳිමි අදරින් අනගි සදහම්” යනුවෙන් ශ්‍රී සද්ධර්මයෙහි ගුණ නමදී. දස පාරමී සපුරමින් ප්‍රත්‍යක්ෂ කළ බව ද, සසර බියෙන් මිදෙන්නට මග කියනා මහා සංඝ රත්නයට පාදාභිිවන්දනයෙන් නමස්කාර කරනු ලබන්නේ

“වඳිමි මහා සඟන මුනි නන්දන”

යනුවෙනි. සසර සැඩ පහරට හසුවෙමින් ගොඩ ඒමට වෙර දරණා පුහුදුන් මිනිසාට පිළිසරණක් විමට මෙන් ම ඔවුන්ගේ ජීවන ගැටලුවලට අමා ඔසුවක් වීමට අතීතයේ දී මෙන් ම වර්තමානයේදී ද ගෞරවණීය වූ පරම පූජනීය බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇප කැප ව වැඩ සිටිති.

පරසතු මලින් පුද
ලද මුනි සඳුට දිය නද
වන පස මලින් පුද
කළැයි පවසනු කවර වරදද

යන කාව්‍යයෙන් බුදුපියාණන් වහන්සේ මහා පඬිවරුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආකාරය “පරසතු මලින් පුද ලද “ යන ප්‍රකාශයෙන් කියවේ. වෑත්තෑවේ හිමියන් තුළ පැවැති නිහතමානී ගුණය ද එමගින් මනාව ප්‍රකට ෙවි.