Print this Article


මෙත්මග පදනමෙන් අනුරපුර දී පින්කමක්

මෙත්මග පදනමෙන් අනුරපුර දී පින්කමක්

ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමයේ මෙත්මග පදනම මගින් වාර්ෂිකව අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී පවත්වනු ලබන පින්කම් මාලාව සිව්වන වරටත් ජනවාරි 27 වන දා දවස පුරා පැවැත්වේ. 27 වන දා උදෑසන කිරි ආහාර පූජාවෙන් ආරම්භ වන පින්කම් මාලාවේ දී, සීල සමාදානය, දිවා බුද්ධ පූජාව හා දානමය පින්කම, රුවන්වැලි සෑ රජුනට කංචුක දෙකක් පූජා කිරීම හා රුවන්වැලි සෑ පරිවාර චෛත්‍ය හතරට කංචුක දෙක බැගින් පූජා කිරීම, මල් පූජා කිරීම, ඖෂධ 108 ක පූජාව, අෂ්ඨ පාන පූජාව - ආලෝක පූජාව. රැය පහන්වන තුරු සෑ මළුවේ දී සහභාගීතවයෙන් පැවැත්වේ.