Print this Article


ජනක වෙත්තසිංහ ලියූ නිවී සැනසිණි රේරුකානේ මහා නාහිමි ග්‍රන්ථය දොරට වැඩුම 25 දා

ජනක වෙත්තසිංහ ලියූ නිවී සැනසිණි රේරුකානේ මහා නාහිමි ග්‍රන්ථය දොරට වැඩුම 25 දා

බුදුසරණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන් සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ජනක වෙත්තසිංහ විසින් ‘සසුනඹරේ සුපුන් සඳක්’ විශේෂාංගය යටතේ බුදුසරණ පුවත්පතට ලියූ ලිපිපෙළ ඇසුරෙන් සම්පාදිත ‘නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි’ කෘතිය මේ මස 25 වන දා සවස 3.30 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී එළි දැක්වෙයි.

කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමිපාණන් වහන්සේ මුලසුන හොබවන උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් පවත්වනු ලබයි.

කොටපොල අමරකිත්ති, මහාචාර්ය අගලකඩ සිරිසුමන , මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, වහුමුවේ විජයවංශ, හෑගොඩ විපස්සී නාහිමිපාණන් වහන්සේලාගේ දෙසුම් ද පවත්වනු ලබන උත්සවයේ දී නිවී සැනසිණි රේරුකානේ මහා නාහිමි කෘතිය පුදනු ලබන්නේ පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති, කිරිඔරුවේ ධම්මානන්ද නා හිමියන් වෙත ය.

මහා නාහිමිපාණන්ගේ අපදානය විස්තර කෙරෙන ශතවර්ෂයක සුවිශිෂ්ට ජීවිත චාරිකාවේ විශේෂිත ලක්ෂණයන් හා චින්තනය විශ්ලේෂණාත්මකව විග්‍රහ කෙරෙන ‘නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි’ ග්‍රන්ථය නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.