Print this Article


පහන් සිතක කවි

සුබ පැතුම

දුරුතු සඳ නැගේ, පෙරදිග නිල් අහසේ
සමන්ගිර හිසේ සම්බුදු සිරි පහසේ
ගංඟා කොමළියන් සිව් දෙසගැලුවා සේ
හසරැළි නැගේවා ! වසරක් ලැබුවාසේ


මාරයා

වන අරණ සුන්දර යි
බණ මඩුව නිසසල යි
බවුන් වඩති පිනැති උතුමො
විතක්ක විචාර පීති සුඛ
ඒකග්ගතා දැහැන් සිතට


නිවැරැදි මඟ

දිවි මඟ නිතර සරු වීමට තිබෙන මඟ
නොදැන ගෙනෙයි සමහරු ගත කරන රඟ
සිල්වත් බව යි විය යුතු ජීවිතයේ මඟ
සම්බුදු පියාණන් දෙසු දම් අමා ගඟ


ඇයි මේ දුවන්නේ?

දිව්වත් සසරෙ, සීමාවක් නැතිව පුරා
නැත, ඔබ ලබන්නේ සතුටක්, සසර පුරා
පාදා ගතොත් මඟනිවනට විරිය දරා
ඔබ නැත දුවන්නේ, නැවතත් සසර පුරා