Print this Article


බෙල්ලන්විල වෛද්‍ය සායනය 21 දා

බෙල්ලන්විල වෛද්‍ය සායනය 21 දා

බෙල්ලන්විල රජමහා විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම සෞඛ්‍ය අමාත්‍යාංශය හා දකුණු කොළඹ මහරෝහල තෛ‍්‍රමාසිකව සංවිධානය කරන විශේෂඥ වෛද්‍ය සායනය මෙම 21 දා උදේ 8.00 ට සිට දවල් 12.00 දක්වා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම විශේෂඥ වෛද්‍ය සායනය පැවැත්වෙන අතර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් එහිදී හමුවිය හැකි ය.

ඊ.සී.ජී පෙණහලු ස්පන්දන පරික්ෂාව, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගැනීම ජංගම වෛද්‍ය රසායනාගාරය මගින් සිදුකරගත හැකි අතර සියලු වෛද්‍ය සේවාවන් හා ඖෂධ නොමිලයේ ලබාදෙන බව බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම සඳහන් කරයි.