UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිත ආශාව දුරුවීමට නම්...

ජීවිත ආශාව දුරුවීමට නම්...

මරණානුස්සති භාවනාව දියුණු කර ගැනීම සඳහා බෞද්ධ අබෞද්ධ කවුරුත් ඇප කැප විය යුතුයි. තණ්හාව, තරහව, මෝහය දුරු කර ගැනීමට මරණානුස්සති භාවනාව ඉවහල් වෙයි. මේ භාවනාවෙන් ඉතා සවිමත් සිතක් සකසා ගත හැකි යි. ඒ බලසම්පන්න සිත නිවන් මඟ විවර කරයි.

සංඛාරයන්ගේ ස්වභාවය වන්නේ ගෙවී යාම, විනාශ වීම සහ මරණයට පත්වීම යි. නිර්වාණය හැර සියලු ම දේ සංඛාර පදයට අයත් වෙයි. මනුස්සයෝ ද, දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, සතර අපාය සත්ත්වයෝ ද , ඈත පෙනෙන නොපෙනන සියලු ම සත්ත්වයෝ ද සංඛාර පදයට ඇතුළත් වෙයි. ගහ කොළ, ඉර හද තාරකා, ඇළ දොළ ගංගා , මහා සාගරය, මහා මේරු පර්වතය, මෙලොව පමණක් නොව අනන්ත ලෝක සහ එහි සියල්ල සංඛාර පදයට යටත් වෙයි. මේ ගැන දැන කියාගෙන දියුණුව, ආරක්ෂාව පිණිස මරණ සතිය වැඩිය යුතු යි.

බුදුසරණ පුවත් පත කවුරුත් කියවිය යුතු යි. එහි ඇති ලිපි අනුන්ට නෙවෙයි තමන්ට ම බව සිතන්න. මව් පියන්ට සැළකීම, ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් කිරීම, මල් පහන් පුදා තෙරුවන් නැමදීම, කරුණාව- මෛත්‍රිය- දයාව- අනුකම්පාව ආදී ගුණාංගයන් දියුණු කිරීම අවශ්‍යය යි. මෙලෙස නිවැරැදි ප්‍රතිපත්ති මාර්ගයකට පිවිසිය යුතු යි.

“අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූප සමො සුඛො” සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඉපෙදෙමින් නිරුද්ධ වන්නා හ. ඔවුන්ගේ සංසඳීම ඒකාන්තයෙන් ඇති වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ආශ්වාස, ප්‍රශ්වාස දෙක පිහිට කොට ඇත්තේ ය. ආශ්වාස ප්‍රශ්වාස දෙක අවහිර වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි සතර ඉරියව් පැවැත්ම පිහිට කොට ඇත්තේ ය. සතර ඉරියව් පැවැත්ම විෂම වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ශීත - උෂ්ණ දෙක පිහිට කොට ඇත්තේ ය. ශීත උෂ්ණ දෙක විෂම වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි, මරණය නියත යි, මනුස්ස ජීවිතය වනාහි පඨවි - ආපෝ - තේජෝ - වායෝ යන සතර භූත පිහිට කොට ඇත්තේ ය. මහා භූත සතර විෂම වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි මරණය නියත යි. මනුස්ස ජීවිතය ආහාර පාන දෙක පිහිට කොට ඇත්තේ ය. ආහාර පාන දෙක නොලැබීමෙන් ජීවිතය මරණයට පත්ව යන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය ආහාර පාන විෂම වීමෙන් ද මරණය වන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය ආහාර පාන නැති වීමෙන් හා විෂම වීමෙන් මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි . මරණය නියත යි. යම් හෙයකින් වනාහි මරණානුස්සති භාවනාව මෙසේ මහානුභාව සම්පන්න ද එසේ හෙයින් මහා නුවණකි. යෝගාවචර තෙමේ සෑම කල්හි ම ඒකාන්තයෙන් අප්‍රමාදී ව මරණානුස්සති භාවනාව වඩන්නේ ය. වැඩිය යුත්තේ ම ය. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි.

මේ වගන්ති පෙළ ද මුල සිට ම සටහන් කරගෙන පාඩම් කර ගන්න. අනෙකුත් පින්වතුන්ට ද කියා දෙන්න. මේ ගැන හසළ දැනුමක් ලැබුණු විට ජීවිත ආශාව දුරුව යයි. එසේනම්, ගිහි පැවිදි සැවොම තම ජීවිතයට ඇති ආශාව දුරු කර ගන්න. තම බලවත් තෘෂ්ණාව, ද්වේශය, මෝහය ක්‍රමයෙන් අඩුකර, එය සංසිඳුවාගෙන පරම සැපත වන නිවන් සුවය අවබෝධ කර ගන්න.

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]