UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැක.

165. කුරුණෑගල - රෝයල් ජාත්‍යන්තර පාසලේ
9 ශ්‍රේණියේ
ඩබ්.ඒ. පසිඳු අංජන වීරක්කොඩි

166. කුරුවිට - ශ්‍රී මිහිඳු දහම් පාසලේ
3 ශ්‍රේණියේ
එම්.ඩබ්. ටී. සුවහස් මාවතවත්ත

167. කලුතර – බාලිකා ජාතික පාසලේ
02 ශ්‍රේණියේ
ඩී.ෂෂිනි ඉමන්දි රණසිංහ

168. කලුතර – බාලිකා ජාතික පාසලේ
09 ශ්‍රේණිය
ඩී. පසනි චමෝද්‍යා රණසිංහ

169. නුගේගොඩ - සා / ජෝශප් බාලිකා විදුහලේ
03 ශ්‍රේණියේ
ටී.එම්.ඩබ්. විනුකි රශ්මිකා

170. නුගේගොඩ - සා / ජෝශප් බාලිකා විදුහල
01 ශ්‍රේණියේ
ටී.එම්. ඩබ්. ලක්ෂිකා ප්‍රසාදි

171. රත්නපුර - ආනන්ද මෛත්‍රිය ධර්ම විදුහලේ,
09 ශ්‍රේණියේ
කේ. ඩබ්.තුලනි කවීෂා


පිරිනිවනට වැඩි බුදුපියාණන්

අතට පත් මහා රජ සැප
අතැරදා මෙතින් සතහට
අභිනිෂ්ක්‍රමණ කළේ ය
අප මහා බෝසතාණන්.......

විදුරසුන් අරා වැඩ හිඳ
සව් කෙලෙස් නසා මුල් සිඳ
ලොව්තුරා උතුම් බුදු බවට
පත් වුණි අප මහා බෝසතාණන්.......

නිවන් මග දෙසා සතහට
දහම් රස බෙදා ලෝකෙට
අනිත බව කියා අපහට
පිරිනිවනට වැඩි සේක බුදුපියාණන්......


පළමුව දියුණුවන්න දෙවනුව සතුටුවන්න

අචරිත්වා බ්‍රහ්ම චරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා'ච ඣායන්ති
ඛීණමච්ඡේව පල්ලලේ

ඉහත ගාථාව බෞද්ධයාගේ අත්පොත වන ධම්ම පදයෙන් උපුටා ගත්තකි. දිය පොකුණක් හා අලස කොස්වා ලිහිණියෙකු වස්තු බීජය කර ගනිමින් බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කොට වදාළ සේක. එහි අර්ථය නම් මෙලොව පරලොව සැපවත් බව මෙන් ම දෙ කෙළවර දුකින් මිදී ලබන නිවන් සුවය උදා කරන සීලාදී පිළිවෙත්හි තුරුණුවියේ දී නො යෙදී, ලැබූ ධනය රැක නො ගනිමින්, නූපන් ධනය රැස්කර ගැනීමට නො සිතන්නෝ පිළිබඳව ය. ඔවුහු වැසි සමයේ දී මසුන් අල්ලා නො ගෙන, පසුව සිඳී ගිය පොකුණ දෙසා බලා පසුතැවිලි වන මහලු කොස්වාලිහිණියන් මෙන් පසුතැවෙති. සුසුම් හෙළති යන්න මෙම ගාථා රත්නයේ අර්ථය යි.

මෙම බුද්ධාවවාදය අනුව සදාචාරයෙන් ද භෝග සම්පත්තියෙන් ද පිරිහීමට පත් වූ දුස්සීල මිනිස්සු තුරුණු විය ඉක්මවා මහලුවියට පත් වූ විට පසුතැවිලි වන බවයි. ජීවිතය අඳුරෙන් ආලෝකයටත්, ආලෝකයෙන් ආලෝකයටත් ගෙන යාමට අත්වැලක් සපයන අගනා උපදේශයක් ඉහත ගාථාවෙහි සඳහන් වෙයි.

සම්බුදු සිසිලයි - සදහම් ගඟුලයි
'සදහම් අරණයි' - අපහට සරණයි


අනිමිසලෝචන පූජාව

බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සතියක් ගතකළ සේක. එයින් දෙවැනි සතිය ලෙස අනිමිසලෝචන පූජාවෙන් ගත කළ අතර උන්වහන්සේ බුදුවීමට උපකාර කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නො හෙළා බලා සිටි සේක. එය අනිමිසලෝචන පූජාව නමින් හඳුන්වයි. ඉන් කෙළෙහිගුණ සැලකීමේ ගුණය කියවෙයි.


නිති පන්සිල් සුරකිමු

පානාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි
කිසිම සතෙකු නො මරමි මම නො මරවමි
මරණ අයට කිසිසෙත් අනුබල නොදෙමි
කිසිවෙකු නො වෙහෙසමි සැමටම සුවපතමි
මේ ලෙස පළමු සික පද සපුරා රකිමි

අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි
අනුන් සතු නුදුන් දෙය හොරෙන් නො ගනිමි
නොගනිවම් හොරුන් හට අනුබල නො දෙමි
තමන් සතු දෙයින් සතුටුව දව සරිමි
දෙවැන්න ද මෙමන් සපුරා රැක ගනිමි

කාමේසුමිච්චාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි
මිසහසරිනු දු දිවිහිමි කොටම වළකිමි
දරුකැළ කුමර බඹසර නිසිසේ පුරමි
තුණුරුව සදර සතුටින් සැනසී වෙසෙමි
මෙලෙස තුන්වැන්න ද සපුරා රැක ගනිමි.

මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි
බොරු නොම කියමි අනුනද එහි නොම යොදමි
යනුවනට කිසිසෙත් අනුබල නොදෙමි
නිසි තැන පමණ දැන ඇත්තක් ම පවසමි
සතර සික ද මෙලෙසින් සපුරා රකිමි

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි
මත් පැන් නොබොමි නොපොවමි දුම්ද නොම බොමි
බොන්නන් හටද අනු දැනුමක් නොම කරමි
මත්වන හැම දෙයින් සිහිනෙනුදු වළකිමි
පස්වන සික ද මෙලෙසින් සපුරා රකිමි

උපුටා ගැනීම දහම් පාසල් පොත පත ඇසුරෙනි.


නොමියෙන සෙනෙහස

සඳෙන් විහිදුවන සොමිගුණ විලසින් මගෙ අම්මේ
කරුණා මෙත් මුදිතා ගුණ පැතිරූ මගෙ අම්මේ
මා එනතුරු මඟ බලාන සිටියා ඔබ අම්මේ
මේ පින ලැබ අම නිවනින් සැනසෙනු මැන අම්මේ


මුව රංචුව


අපේ පාසල

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]