Print this Article


කිරිවෙහෙරට දාස් පෙතියා මල් පූජාවක්

කිරිවෙහෙරට දාස් පෙතියා මල් පූජාවක්

කතරගම ඓතිහාසික කිරි වෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ අබියසදී දාස් පෙතියා මල් පූජා කිරීමේ පූජෝත්සවයක් ජනවාරි මස 10 වන දින උදෑසන පැවැත්වේ. කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම නව වසරේ රටටත් ජනතාවටත් සෙත්පතා පැවැත්වේ. හොරණ පදිංචි රවීන්ද්‍ර වීරකෝන් මහතා තම ඉඩමේ වගා කළ දාස් පෙතියා මල් එම පූජාව සඳහා රැගෙන ඒම විශේෂත්වයකි.