Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්..

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්..

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ ඉකුත් දුරුතු පෝදා මිහින්තලා මහ සෑ රදුන් වෙත ගිරිභණ්ඩ පූජාවක් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ උඩකැන්දවල චන්දවිමල නා හිමියන්ගේ අනුග්‍රහයෙන් මිහින්තලා පුදබිමේ දී පැවැත්විණි. එදින දවස පුරා මිහින්තලා පුදබිමේ දී සීල සමාදාන පින්කම සිදු වූ අතර අනතුරුව කප්රුක් පූජා පෙරහර සමඟ ගිරිභණ්ඩ පූජාව පැවැත්විණි. මහ සෑ කප්රුක් පූජාවෙහි දායකත්වය ඉබ්බාගමුව පෙරියකඩු නැලව එස්.කේ.කේ. සමන්කුමාර ජයසුන්දර මහතා සහ එච්.කේ.එස්.ටී. හෙට්ටි ආරච්චි මහත්මිය ඉසිලී ය.

පාසල් දරුවන් වෙත පොත් පත් ද පරිත්‍යාග කළ අතර කුරුණෑගල අලව්ව සිංහ සමාජය මගින් ඇස් කණ්ණාඩි පිරිනැමීමටද උඩකැන්දවල චන්දවිමල නාහිමියෝ කටයුතු යොදා තිබිණි. කප්රුක් පූජා පින්කමේ ආගමික වතාවත් කිරිඳිගල්ලේ ඤාණරතන හිමියන් මෙහෙයවූ අතර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් හා උඩකැන්දවල චන්දවිමල නාහිමියෝද එහිදී අනුශාසනා පැවැත්වූහ.

සේල චෛත්‍යය සඳහා කප්රුක් පුජාවට ගලේවෙල පහළවැව වෙත්තියාය ඩබ්ලිව්. ජී. නිමල් ජයතිලක මහතා සහ කේ.ජී. කුවින් මැණිකේ මහත්මිය විසින් ජපානයේ අධ්‍යාපනය ලබන දරුවන්ට ආශීර්වාද පතා දායකත්වය දැරී ය.