කණුමුල්දෙණියේ
ශ්‍රී ධර්මාශෝක නා හිමි
පස් වැනි ගුණසමරුවට පින්කම්
දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපතිව වැඩ විසූ කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු
කථිකාචාර්ය ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමි පස්වැනි ගුණ සමරු පින්කම
දෙසැ. 30, 31 දෙදින සිදුකෙරේ. නව පොළොන්නරු ගල් විහාරාධිපති ත්‍රිපිටකවේදී
ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිරි සද්ධානන්ද දහම් පාසලේ
ආචාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් දෙසැ. 30 රාත්‍රී 08.30 ට සම්බුද්ධ පූජාව හා මහා
සංඝරත්නයට ගිලන්පස පූජාව ද රාත්‍රී 09.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද
දෙසැ. 31 හැත්තෑපස්නමක් මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දානය ද පැවැත්වේ. |