Print this Article


වෙසක් උළෙල නිමිත්තෙන් ‘යශෝධරා’

වෙසක් උළෙල නිමිත්තෙන් ‘යශෝධරා’

බෞද්ධ සාහිත්‍යගත සිද්ධාර්ථ – යශෝධරා පූජනීය ප්‍රේම වෘතාන්තය වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘බිම්බා දේවී හෙවත් යශෝධරා” චිත්‍රපටය වෙසක් උළෙල නිමිත්තෙන් 2018 අප්‍රේල් 26 වෙනි දා සිට රට පුරා ඊ.ඒ.පී. සිනමාහල්වල තිරගත වෙයි.

සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කරන මේ චිත්‍රපටයේ සම නිෂ්පාදනය කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී, චාන්ද්‍රී හපුතන්ත්‍රී ය.

පල්ලවී සුභාෂ්, ඒ චෞද්රි යන භාරතීය නළු නිළි යුවළ සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශපි‍්‍රය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුචී ලක්මාලි සෙසු චරිත රඟපාති.

මේ චිත්‍රපටයේ ගේය කාව්‍ය රචනය, සංවාද රචනය, තිර රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි. චන්න දේශපි‍්‍රය, කැමරා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංස්කරණය රුක්මල් නිරෝෂ්ගෙනි. සහාය අධ්‍යක්ෂණය විමල් දේශපි‍්‍රයගෙනි. සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ . ගායනා, ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය ලියනාරච්චි, ඉනෝකා අහංගම සමඟ ආචාර්ය විශාරද නන්දා මාලිනීගෙනි. නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහගෙනි. නිෂ්පාදන සැලසුම්කරණය සහ කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තය. නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම්ගෙනි. පි‍්‍රයන්ත දිසානායක වේශ නිරූපණය කළ මෙම චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය තිළිණ හෙට්ටිගමගේ ගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩි. රන්ජිත් කුමාර සහ නිමල් විජේසිරිගෙනි.